Sunday, October 21, 2012

බ්රේකින්ග් බෑඩ් [ටීවී සීරීස්]

නිවාඩු කාලේ බලපු ටීවී සීරීස් තොගය නම් වශයෙන් කියන්නත් බැරි තරම්. 24, Alias, Nikita, Arrested Development, Breaking Bad, BigBang Theory, Family Guy, FullMetal Panic!, Lost, Mentalist, Merlin, Spartacus මේවයෙන් කීපයක්. ඔය අස්සේ හැමදාම බලන VampireDiaries, Supernatural, HowIMetYourMother, Fringe වගේ ඒවත් බලන්න එපැයි. ස්ට්‍රයික් එක ඉවර උන නිසා දැන් මේවට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.....

Tuesday, October 16, 2012

ඊසෙට් ප්‍රතිවයිරස් මෘදුකාංගය....


මීට මාස කිහිපයකට කලින් මම ඊසෙට් ඇන්ටිවයිරස් එකට මාරු උනා. ඇවාස්ට් වල තිබුණු යම්යම් අඩුපාඩු හා එහි ඇති ක්ලවුඩ් ආකාරයේ අතුරුමුහුණත එපාවීම නිසා තමයි මේ තීරණය ගත්තේ. ඇත්තටම එය ඉතාම හොඳ තීරණයක් බව මට වැටහුනේ ඊසෙට් වල ඇති විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා. ඇවාස්ට් වලට වඩා ප්‍රබල මෘදුකාංගයක් උනාට පරිගනකයේ වේගයට කිසිම බාධාවක් නැතිව එය ක්‍රියා කරනවා. ඩේටාබේස් අප්ඩේට් වීමත් හරිම වේගවත්. ඊසෙට් ස්මාර්ට් සිකියුරිටි කියන්නේ අංගසම්පුර්ණ පැකේජයක්. එය උසස් මට්ටමේ ෆයර්වෝල් එකකින්ද සමන්විතයි.

Monday, October 15, 2012

මිස්ටර් පර්ෆෙක්ට් ගෙන් ලස්සන වෙන්න උපදෙස්......



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ෆොටෝෂොප් මහත්මයා ගැන දන්නවනේ. ලස්සන වෙන්න කැමති කොල්ලො කෙල්ලො සේරම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මෙයාගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ අතරට අලුතින්ම එකතුවෙන කෙනා තමයි මිස්ටර් පර්ෆෙක්ට් කියන්නේ. මෙයාට පුළුවන් මේකප් නැතිවම ඔයාව ලස්සන කරලා දෙන්න. උනන්දුවක් ඇතිඋනානම් දිගටම කියවන්න.

Friday, October 5, 2012

ebay ගනුදෙනු


මේ වෙනකොට ebay ගැන දන්නෙ නැති පිරිසක් ඉන්නවා කියල හිතන්න අමාරුයි. එතරම් ජනප්‍රිය භාණ්ඩ අලෙවි සේවාවක් වෙන නැහැ. නමුත් තවමත් ebay ගනුදෙනු පිලිබඳ චකිතයකින් පසුවන පිරිස් ඉන්න නිසාම මේ ලිපිය ලියනවා.

මම ebay ගිණුමක් හැදුවේ මීට වසර ගානකට කලින්. නමුත් ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් ඒ හරහා ගනුදෙනු කරන්න ගත්තේ මාස 10කට කලින්. මේ සඳහා මං භාවිතා කරන්නේ paypal ගිණුම සහ people's bank credit card එක.

paypal ගැනනම් බොහෝ ලිපි මං දැකල තියෙනව. ගිණුමක් අරඹන එක හරිම පහසුයි. නමුත් credit card ගැනනම් කියන්න වෙන්නෙ වෙනස් දෙයක්. paypal ගිණුම ක්‍රියාත්මක කරන්න අපට භාවිතා කරන්න පුළුවන් sampath web card එක. ගොඩක් දෙනා ඒක පාවිච්චි කරන්නේ ආරක්ෂාවට. visa සලකුණ ඇති වෙනත් ඕනෑම credit හෝ debit කාඩ්පතක් භාවිත කරන්නත් පුළුවන්. සෑම කාඩ්පතක්ම පළමු paypal ගනුදෙනුව සිදුකිරීමට පෙර verify කරගන්න ඕනා. මේ සඳහා උපරිම දින 30ක් ගතවෙනවා. paypal මගින් නිකුත් කරන රහස් අංකයක් credit card statement (මාසික බිල්පත) එකේ සටහන් වෙලා තියෙනව. මේ අංකය මගින් තමයි paypal ගිණුම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය පරිදි ගනුදෙනු කරන්න පුළුවනි. debit කාඩ් එකක් නම් පළමුව card centre එකට දුරකථන ඇමතුමක් දී අන්තර්ජාල ගනුදෙනු සඳහා කාඩ්පත active කරගන්න ඕනා. ඒ සඳහා උපරිම දින 3ක් පමණ ගතවෙනවා. බොහෝ credit කාඩ් වලදී මේ පියවර අදාළ වෙන්නෙ නෑ. ඔබට credit card එකක් ලබාගැනීමට අවශ්‍ය වුවත් තවමත් ශිෂ්‍යයෙක් නම් බැංකු ගිණුමේ යම් මුදලක් hold කර කාඩ්පත ලබාගත හැකියි. සාර්ථකව verify කරගත් paypal ගිණුමක් ඇත්නම් ඔබට ගනුදෙනු අරඹන්න පුළුවන්.

ebay මගින් භාණ්ඩයක් ගන්නාවිට සැලකිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. වැදගත්ම එක තමයි delivery method එක. Worldwide යනුවෙන් සඳහන්නම් පමණයි ලංකාවට එම භාණ්ඩය ගෙන්වාගන්න පුළුවන්. free shipping නම් ගැටළුවක් නැහැ. නමුත් අනෙක් delivery methods වලදී භාණ්ඩයේ මිලට ප්‍රවාහන ගාස්තුව එකතු වෙනවා. ඒ ගැන සැලකිලිමත් නොවුනොත් ලාබෙට බඩුගන්න හිතන්නවත් එපා. මීට අමතරව විකුණුම් කරුගේ seller's score එක මගින් අව්‍යාජ වෙළෙඳුන් හඳුනාගන්න පුළුවනි. buy now හා auction අතර වෙනස ඔබට සිතාගන්න පුළුවනි. බොහෝ auction වලට bid කරද්දී අන්තිම මොහොතේ පමණක් bid කිරීමෙන් සුළු ලාභයක් ලබන්නත්  හැකියි.

මිල ගැන කියනවා නම් ලංකාවේ මිලට වැඩිය අඩුවෙන් ගෙවා බොහෝ භාණ්ඩ ගෙන්විය හැකියි. පොඩි පොඩි භාණ්ඩ සඳහා වඩා සුදුසු china,hongkong,malaysia වල වෙළෙඳුන් වන අතර mobile phones හෝ මිල වැඩි gadget සඳහා යුරෝපීය වෙළෙඳුන් තෝරාගන්න. භාණ්ඩය නිවසට ලැබීමට දින 7 සිට  සති 3ක් පමණ ගතවිය හැකියි.
නොලැබුනොත් මුදල් ආපසු ගෙවන ප්‍රතිශතයද වැඩියි. ඒ නිසා භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එහි විස්තරය හොඳින් කියවා අවබෝධ කරගන්න.

මා ගෙන්වාගත් භාණ්ඩ කීපයක්.....