Tuesday, March 6, 2012

ගේම් පිස්සුව හා ඇඩ්-හොක් පිහිට

මීට මාසෙකට විතර කලින් ආපු අදහසක් තමයි හොස්ටල් එකේ ගේම් සර්වර් එකක් හදන එක. එත් ඕනි කරන බඩු භාණ්ඩ නැතිකොට මොනව කරන්නද? ටිකක් කල්පනා කරල බලනකොටයි මතක් උනේ දැන් එන හැම ලැප්ටොප් එකේම වයිෆයි තියෙන විත්තිය. එත් වයිෆයි රවුටරයක්  නැතුව නෙට්වර්ක් එකක් හදන හැටි ගැන අදහසක් ගන්න බැරි උනා. බොක්කෙන්ම හොයනකොට දැක්ක ඇඩ්-හොක් කනෙක්ෂන් ගැන. ඇඩ්-හොක්  කියන්නේ වින්ඩෝස් විස්ටා වලට මුලින්ම ආපු තාවකාලික නෙට්වර්කින්ග් ක්‍රමයක්. ඕනි දෙයක් වෙච්චාවේ කියල හදල බැලුව මේ සයිට් එකේ තියෙන විදිහට. එළකිරි වගේ වැඩ !! 


දැන් ඉතින් අපේ උන්ගෙ වැඩේ පාඩම් පැත්තකින් තියල හතර හතර සෙට්වෙලා මොස්ට්‌ වෝන්ටඩ් ගහන එකයි පහළොවක් විතර වටවෙලා කෝල් ඔෆ් ඩියුටි එකේ මරාගන්න එකයි.... 
ඇඩ්-හොක් එකකින් උපරිම 54Mbps වේගයක් හම්බ වෙනවා. මැෂින් 10ක් කනෙක්ට් කරගන්න ඒ හොඳටම ඇති.

3 comments:

  1. wifi router එකක් සල්ලි දාලා ගත්තනං ගොඩ :D

    ReplyDelete
  2. ගන්න තමයි හිටියේ. ඒත් මැනේජ්මන්ට් එකෙන් ළඟදීම Wifi දෙනව කිව්ව නිසා ගත්තේ නෑ ....

    ReplyDelete
  3. ඇඩ්හොක්ම තමා ඕකට හොඳම

    ReplyDelete