Monday, February 20, 2012

ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නොමිලේ !!! [ක්‍රැක් නැතුව]



ඇවාස්ට් කියන්නේ පරිගණකයේ වේගයට අඩුම බලපෑමක් කරමින් ඉහලම ආරක්ෂාවක් සපයන වයිරස් ගාඩ් එකක්. මේකේ නොමිලේ දෙන සංස්කරණය ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරනවා. එත් ෆයර්වෝල් එක අඩංගු නොවීම නිසා ආරක්ෂාව පිලිබඳ පොඩි ගැටළුවක් මතු වෙනවා. එයට විකල්පයක් ලෙස භාවිතා වන ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටිහි මිල  $49.99 ක් වෙනවා. නමුත් පොඩි ජිල්මාට් එකක් දාල නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවනි.

මෙහෙම කරමු.
1.ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නැතිනම් මෙතනින් බාගන්න
2.කී ෆයිල් එක මෙතනින් බාගන්න
3.ඉන්ස්ටෝල් කරගෙන කී ෆයිල් එක ලබාදෙන්න
4.ඇවාස්ට් තුල FIREWALL එකේ "Application Rules" වෙත යන්න
5.රයිට් ක්ලික් කර "New Group" එකක් හදන්න. එතුල "New application rule" එකක් දෙන්න
6.දැන් C:\Program Files\AVAST Software\Avast\AvastUI.exe එක තෝරන්න
7.එයට "Block all connections" දෙන්න


වැඩ අවසන්. දැන් ඔබට ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුළුවනි. මෙහිදී වයිරස් ගාඩ් එකේ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. ඕනිම වර්ෂන් එකකට අප්ඩේට් අප්ග්‍රේඩ් කරන්න පුළුවනි. කී ෆයිල් එක ඉවර වෙනකන් පාවිච්චි කරන්න පුළුවනි. ක්‍රැක් වලට අකමැති අයටත්, සැරින්සැරේට කී ෆයිල් මාරු කරන්න අකමැති අයටත් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි.


4 comments:

  1. AvastUI.exe එක තෝරල Block all connections දෙන්නෙ ඇයි ? මේකෙන් මොකක්ද වෙන්නෙ? පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
  2. සරලව කිව්වොත් AvastUI එකෙන් තමයි අපේ කී ෆයිල් එක හොර එකක්ද කියල චෙක් කරන්නේ. ඒක බ්ලොක් කලොත් චෙක් කරන්න බැරි වෙනවා.

    ReplyDelete
  3. I cant find the key file . can you upload it again please

    ReplyDelete