Friday, December 14, 2012

අසැසින්ස් ක්රීඩ් III [පරිගණක ක්‍රීඩා]

අසැසින්ස් ක්රීඩ් ක්‍රීඩා පෙලේ පස්වෙනි දිගහැරුම Assassin's Creed III නොවැම්බර් මාසයේ නිකුත් වුනා. මෙහිදීද මුල් කතා පෙලින් ඔබ්බට ගොස් ඇමරිකානු විප්ලව සමයේ සිටි කුලී ඝාතකයෙකුගේ චරිතය ඔබට ලැබෙනවා.
කලින් සංස්කරණ ඔබ ක්‍රීඩාකර තිබේනම් මෙහි එතරම් වෙනසක් පෙනෙන එකක් නැහැ. නමුත් නව ආයුධ සහ අංගචලනයන් කිහිපයක් එකතුවී තිබෙනවා. අවට ලෝකය නම් බොහෝ දුරට සමානයි.

Sunday, October 21, 2012

බ්රේකින්ග් බෑඩ් [ටීවී සීරීස්]

නිවාඩු කාලේ බලපු ටීවී සීරීස් තොගය නම් වශයෙන් කියන්නත් බැරි තරම්. 24, Alias, Nikita, Arrested Development, Breaking Bad, BigBang Theory, Family Guy, FullMetal Panic!, Lost, Mentalist, Merlin, Spartacus මේවයෙන් කීපයක්. ඔය අස්සේ හැමදාම බලන VampireDiaries, Supernatural, HowIMetYourMother, Fringe වගේ ඒවත් බලන්න එපැයි. ස්ට්‍රයික් එක ඉවර උන නිසා දැන් මේවට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.....

Tuesday, October 16, 2012

ඊසෙට් ප්‍රතිවයිරස් මෘදුකාංගය....


මීට මාස කිහිපයකට කලින් මම ඊසෙට් ඇන්ටිවයිරස් එකට මාරු උනා. ඇවාස්ට් වල තිබුණු යම්යම් අඩුපාඩු හා එහි ඇති ක්ලවුඩ් ආකාරයේ අතුරුමුහුණත එපාවීම නිසා තමයි මේ තීරණය ගත්තේ. ඇත්තටම එය ඉතාම හොඳ තීරණයක් බව මට වැටහුනේ ඊසෙට් වල ඇති විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා. ඇවාස්ට් වලට වඩා ප්‍රබල මෘදුකාංගයක් උනාට පරිගනකයේ වේගයට කිසිම බාධාවක් නැතිව එය ක්‍රියා කරනවා. ඩේටාබේස් අප්ඩේට් වීමත් හරිම වේගවත්. ඊසෙට් ස්මාර්ට් සිකියුරිටි කියන්නේ අංගසම්පුර්ණ පැකේජයක්. එය උසස් මට්ටමේ ෆයර්වෝල් එකකින්ද සමන්විතයි.

Monday, October 15, 2012

මිස්ටර් පර්ෆෙක්ට් ගෙන් ලස්සන වෙන්න උපදෙස්......



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ෆොටෝෂොප් මහත්මයා ගැන දන්නවනේ. ලස්සන වෙන්න කැමති කොල්ලො කෙල්ලො සේරම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මෙයාගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ අතරට අලුතින්ම එකතුවෙන කෙනා තමයි මිස්ටර් පර්ෆෙක්ට් කියන්නේ. මෙයාට පුළුවන් මේකප් නැතිවම ඔයාව ලස්සන කරලා දෙන්න. උනන්දුවක් ඇතිඋනානම් දිගටම කියවන්න.

Friday, October 5, 2012

ebay ගනුදෙනු


මේ වෙනකොට ebay ගැන දන්නෙ නැති පිරිසක් ඉන්නවා කියල හිතන්න අමාරුයි. එතරම් ජනප්‍රිය භාණ්ඩ අලෙවි සේවාවක් වෙන නැහැ. නමුත් තවමත් ebay ගනුදෙනු පිලිබඳ චකිතයකින් පසුවන පිරිස් ඉන්න නිසාම මේ ලිපිය ලියනවා.

මම ebay ගිණුමක් හැදුවේ මීට වසර ගානකට කලින්. නමුත් ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් ඒ හරහා ගනුදෙනු කරන්න ගත්තේ මාස 10කට කලින්. මේ සඳහා මං භාවිතා කරන්නේ paypal ගිණුම සහ people's bank credit card එක.

paypal ගැනනම් බොහෝ ලිපි මං දැකල තියෙනව. ගිණුමක් අරඹන එක හරිම පහසුයි. නමුත් credit card ගැනනම් කියන්න වෙන්නෙ වෙනස් දෙයක්. paypal ගිණුම ක්‍රියාත්මක කරන්න අපට භාවිතා කරන්න පුළුවන් sampath web card එක. ගොඩක් දෙනා ඒක පාවිච්චි කරන්නේ ආරක්ෂාවට. visa සලකුණ ඇති වෙනත් ඕනෑම credit හෝ debit කාඩ්පතක් භාවිත කරන්නත් පුළුවන්. සෑම කාඩ්පතක්ම පළමු paypal ගනුදෙනුව සිදුකිරීමට පෙර verify කරගන්න ඕනා. මේ සඳහා උපරිම දින 30ක් ගතවෙනවා. paypal මගින් නිකුත් කරන රහස් අංකයක් credit card statement (මාසික බිල්පත) එකේ සටහන් වෙලා තියෙනව. මේ අංකය මගින් තමයි paypal ගිණුම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය පරිදි ගනුදෙනු කරන්න පුළුවනි. debit කාඩ් එකක් නම් පළමුව card centre එකට දුරකථන ඇමතුමක් දී අන්තර්ජාල ගනුදෙනු සඳහා කාඩ්පත active කරගන්න ඕනා. ඒ සඳහා උපරිම දින 3ක් පමණ ගතවෙනවා. බොහෝ credit කාඩ් වලදී මේ පියවර අදාළ වෙන්නෙ නෑ. ඔබට credit card එකක් ලබාගැනීමට අවශ්‍ය වුවත් තවමත් ශිෂ්‍යයෙක් නම් බැංකු ගිණුමේ යම් මුදලක් hold කර කාඩ්පත ලබාගත හැකියි. සාර්ථකව verify කරගත් paypal ගිණුමක් ඇත්නම් ඔබට ගනුදෙනු අරඹන්න පුළුවන්.

ebay මගින් භාණ්ඩයක් ගන්නාවිට සැලකිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. වැදගත්ම එක තමයි delivery method එක. Worldwide යනුවෙන් සඳහන්නම් පමණයි ලංකාවට එම භාණ්ඩය ගෙන්වාගන්න පුළුවන්. free shipping නම් ගැටළුවක් නැහැ. නමුත් අනෙක් delivery methods වලදී භාණ්ඩයේ මිලට ප්‍රවාහන ගාස්තුව එකතු වෙනවා. ඒ ගැන සැලකිලිමත් නොවුනොත් ලාබෙට බඩුගන්න හිතන්නවත් එපා. මීට අමතරව විකුණුම් කරුගේ seller's score එක මගින් අව්‍යාජ වෙළෙඳුන් හඳුනාගන්න පුළුවනි. buy now හා auction අතර වෙනස ඔබට සිතාගන්න පුළුවනි. බොහෝ auction වලට bid කරද්දී අන්තිම මොහොතේ පමණක් bid කිරීමෙන් සුළු ලාභයක් ලබන්නත්  හැකියි.

මිල ගැන කියනවා නම් ලංකාවේ මිලට වැඩිය අඩුවෙන් ගෙවා බොහෝ භාණ්ඩ ගෙන්විය හැකියි. පොඩි පොඩි භාණ්ඩ සඳහා වඩා සුදුසු china,hongkong,malaysia වල වෙළෙඳුන් වන අතර mobile phones හෝ මිල වැඩි gadget සඳහා යුරෝපීය වෙළෙඳුන් තෝරාගන්න. භාණ්ඩය නිවසට ලැබීමට දින 7 සිට  සති 3ක් පමණ ගතවිය හැකියි.
නොලැබුනොත් මුදල් ආපසු ගෙවන ප්‍රතිශතයද වැඩියි. ඒ නිසා භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එහි විස්තරය හොඳින් කියවා අවබෝධ කරගන්න.

මා ගෙන්වාගත් භාණ්ඩ කීපයක්.....

Sunday, June 3, 2012

කවුද කැමති POP අහන්න .....?


අනූව දශකයේ හොඳම පොප්/ඩාන්ස් ට්රැක් ටිකක් අහමුද ?

මෙතන කොටන්න

Monday, March 26, 2012

සිහිනය - වාසනාව

අද කාලේ කොල්ලෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව  කෙල්ලෙක්වත්, සල්ලිවත් නෙවෙයි. එහෙනම් මොකක්ද  දන්නවද ? හොඳ වයිෆයි නෙට්වර්ක් එකක් අහු වේවා කියන එක. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු නොවී ඉන්ටනෙට් යන්නනම් මෙහෙම එකක් නැතුව බැහැ. ඉතින් මේ කොල්ලත් ඔය අරමුණ හිතේ තියන් කොළඹ වටේ රවුම් ගැහුවට මෙච්චර කාලෙකට හරිගියේ නැහැ නොවැ. අන්තිමේදි දෙන දෙය්යෝ බෝඩිමටම ගෙනත් දෙනවා කියන්නා වගේ හම්බුනා....ලඟපාත කඩේක 8Mbit Unsecured ADSL ලයින් එකක්. එදායින් පස්සේ මගේ ලැප් එකට බරටම වැඩ. බලපු නැති ටීවී සීරීස්, ගහපු නැති ගේම්ස්, අරවද මේවද කිව් එකේ පිරිලා... හිටු කියල බානවා. මෙන්න මෙහෙමයි වේගේ....


කඩේ එකා මාව හොයන් ආවේ නැත්නම් කොල්ල අනිවාර්යෙන්ම ගිගා 300ක් බානව මේ මාසෙට....
ඉතින් ඔය ඇත්තොත් නිකම් ඉන්න වෙලාවට පොඩි සෝදිසියක් දාල බලන්න. මට වගේ පිනා චාන්ස් එකක් හම්බුවෙන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි ගියාවේ.... ජය !

Monday, March 19, 2012

ෂර්ලොක් ( BBC MiniSeries -2010 )


BBC නාලිකාව ඉදිරිපත් කරපු 21වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව බොහෝ දෙනෙක් බලල ඇති. නැතිනම් අද බලන්න පුළුවනි.  මෙහි විශේෂත්වය තමයි පැරණි කතාවල සිදුවීම් හා චරිත ඉතාම සිත්ගන්න අන්දමකට වර්තමානය තුල නිරූපණය කිරීම. වෙනදට වඩා ක්‍රියාශීලී දොස්තර වොට්සන් පොත් ලිවීම වෙනුවට කරන්නේ බ්ලොග් ලියන එක. මොරියාටි කියන්නේ සයිබර් අපරාධ වලටත් හවුල් පුද්ගලයෙක්. හෝම්ස් නම් කිසිම වෙනසක් නැහැ. සුපුරුදු ගතිගුණමයි තියෙන්නේ. මේකෙදි මයික්රෝෆ්ට් හෝම්ස් වැඩි දායකත්වයක් සපයනවා.

මේ කතාමාලාව කොච්චර ජනප්‍රිය උනාද කියනව නම් එක රැයක් තුල මිලියන 7ක් ප්‍රේක්ෂකයන් නැරඹුවා. imdb වල 9.1ක රේටින්ග්ස් ලබාගෙන තියෙනවා. දැනට කතා 6ක් නිකුත් වෙලා තියෙනවා. එකක ධාවන කාලය මිනිත්තු 90ක්. 

ඉතාම හොඳ මට්ටමේ කුඩා කොපියක් මට හම්බ උනා. 2GB ටොරන්ට් ෆයිල් එකක්. බාගෙනම බලන්නකෝ කොහොමද කියල. මෙන්න ලින්ක් එක.

Tuesday, March 6, 2012

ගේම් පිස්සුව හා ඇඩ්-හොක් පිහිට

මීට මාසෙකට විතර කලින් ආපු අදහසක් තමයි හොස්ටල් එකේ ගේම් සර්වර් එකක් හදන එක. එත් ඕනි කරන බඩු භාණ්ඩ නැතිකොට මොනව කරන්නද? ටිකක් කල්පනා කරල බලනකොටයි මතක් උනේ දැන් එන හැම ලැප්ටොප් එකේම වයිෆයි තියෙන විත්තිය. එත් වයිෆයි රවුටරයක්  නැතුව නෙට්වර්ක් එකක් හදන හැටි ගැන අදහසක් ගන්න බැරි උනා. බොක්කෙන්ම හොයනකොට දැක්ක ඇඩ්-හොක් කනෙක්ෂන් ගැන. ඇඩ්-හොක්  කියන්නේ වින්ඩෝස් විස්ටා වලට මුලින්ම ආපු තාවකාලික නෙට්වර්කින්ග් ක්‍රමයක්. ඕනි දෙයක් වෙච්චාවේ කියල හදල බැලුව මේ සයිට් එකේ තියෙන විදිහට. එළකිරි වගේ වැඩ !! 


දැන් ඉතින් අපේ උන්ගෙ වැඩේ පාඩම් පැත්තකින් තියල හතර හතර සෙට්වෙලා මොස්ට්‌ වෝන්ටඩ් ගහන එකයි පහළොවක් විතර වටවෙලා කෝල් ඔෆ් ඩියුටි එකේ මරාගන්න එකයි.... 
ඇඩ්-හොක් එකකින් උපරිම 54Mbps වේගයක් හම්බ වෙනවා. මැෂින් 10ක් කනෙක්ට් කරගන්න ඒ හොඳටම ඇති.

Monday, February 20, 2012

ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නොමිලේ !!! [ක්‍රැක් නැතුව]



ඇවාස්ට් කියන්නේ පරිගණකයේ වේගයට අඩුම බලපෑමක් කරමින් ඉහලම ආරක්ෂාවක් සපයන වයිරස් ගාඩ් එකක්. මේකේ නොමිලේ දෙන සංස්කරණය ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරනවා. එත් ෆයර්වෝල් එක අඩංගු නොවීම නිසා ආරක්ෂාව පිලිබඳ පොඩි ගැටළුවක් මතු වෙනවා. එයට විකල්පයක් ලෙස භාවිතා වන ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටිහි මිල  $49.99 ක් වෙනවා. නමුත් පොඩි ජිල්මාට් එකක් දාල නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවනි.

මෙහෙම කරමු.
1.ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නැතිනම් මෙතනින් බාගන්න
2.කී ෆයිල් එක මෙතනින් බාගන්න
3.ඉන්ස්ටෝල් කරගෙන කී ෆයිල් එක ලබාදෙන්න
4.ඇවාස්ට් තුල FIREWALL එකේ "Application Rules" වෙත යන්න
5.රයිට් ක්ලික් කර "New Group" එකක් හදන්න. එතුල "New application rule" එකක් දෙන්න
6.දැන් C:\Program Files\AVAST Software\Avast\AvastUI.exe එක තෝරන්න
7.එයට "Block all connections" දෙන්න


වැඩ අවසන්. දැන් ඔබට ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුළුවනි. මෙහිදී වයිරස් ගාඩ් එකේ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. ඕනිම වර්ෂන් එකකට අප්ඩේට් අප්ග්‍රේඩ් කරන්න පුළුවනි. කී ෆයිල් එක ඉවර වෙනකන් පාවිච්චි කරන්න පුළුවනි. ක්‍රැක් වලට අකමැති අයටත්, සැරින්සැරේට කී ෆයිල් මාරු කරන්න අකමැති අයටත් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි.


Tuesday, January 31, 2012

නිවසේ/බෝඩිමේ සිටම පහසුවෙන් බිත්තරයක් බැදගන්නා අන්දම...


අද මම කියල දෙන්නේ බිත්තර බුල්ස්අයි කරන්න පහසු ක්‍රමයක්. කුස්සියක් නොමැති වටපිටාවකට හෝ කෑම්පින් ගිය විටෙක කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :– 
බිත්තරයක්, තෙල් සුවල්පයක්, ඇලුමිනියම් පිඟානක්, නොකියා හෝ සෝනි එරික්සන් ෆෝන් එකක්, 3G පහසුකම, අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස්.

සාදන ක්‍රමය:-
පළමුවෙන් ෆෝන් එක චාජරයට ගසන්න. ඉන්පසු 3G වලින් ෆිල්ම් එකක් වැනි දෙයක් ඩවුන්ලෝඩ් වීමට දමන්න. ඒ මත ඇලුමිනියම් පිඟාන තබා විනාඩි පහක් සිටින්න. තෙල් ස්වල්පයක් වක්කර ප්‍රවේසමෙන් කඩාගත් බිත්තරය එය මතට දමන්න. ලාවට බැදෙනවිට ලුණු හා ගම්මිරිස් එක්කරන්න. කර වීමට පෙර බාගෙන උණු උණුවේ රස විඳින්න.


සැ.යු.: මේ මගින් බිත්තර විතරක් නෙමේ අල කරියක්, චිකන් කරියක් උනත්  රත්කර ගතහැකිය. ෆෝන් එකේ වයිෆයි තිබේ නම් තේකක් උනත් හදාගෙන බිව්වහැකි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

ඔන්න කිල්බිල් !

ලියන්න තරම් දෙයක් සිද්ද වෙන්නේ නැහැනේ මේ දවස්වල. ඒක හින්දා තව ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුන. මේක මගේ බලපු නැති ෆිල්ම් ගොඩේ මාස තුනක් විතර පල් වෙලා පල් වෙලා ඊයේ තමයි එලියට ආවේ. බැලුවට පස්සේ නිකන් මොකක්ද වගේ. නරක නැති හින්දද කොහෙද IMDB එකේ 8.2ක් රේටින්ග් අරන් තියෙනවා. මේක පරණ ඇක්ෂන් ෆිල්ම් එකක්. නමේ හැටියටම කිල්බිල් - බිල්ව හොයනවා මරන්න. ටිකක් විතර චාලීස් එන්ජල්ස් වගේ. කතාව කොටස් දෙකකට යන්නේ. ඒ අතරේ එපිසෝඩ් වලට බෙදල තියෙනවා. කොහොම උනත් හැමදාම බලන ඒවාට වැඩිය වෙනස් කතාවක්. 


The lead character, called 'The Bride,' was a member of the Deadly Viper Assassination Squad, lead by her lover 'Bill.' Upon realizing she was pregnant with Bill's child, 'The Bride' decided to escape her life as a killer. She fled to Texas, met a young man, and on the day of their wedding rehearsal was gunned down by an angry and jealous Bill (with the assistance of the Deadly Viper Assassination Squad). Four years later, 'The Bride' wakes from a coma, and discovers her baby is gone. She, then, decides to seek revenge upon the five people who destroyed her life and killed her baby. The saga of Kill Bill Volume I begins.

ඔන්න ඔහොම තමා IMDB එකේ විස්තරේ.  ඉතින් ඩවුන්ලෝඩ් කලාට පාඩුවක් නම් වෙන එකක් නෑ මයෙ හිතේ.

Saturday, January 21, 2012

කොමඩියක් බලමු (18+)


පුරුද්දක් වශයෙන් ෆිල්ම් බලන මම වැඩියෙන්ම කැමති කොමඩි වලට. මොකද ඇක්ෂනුයි හොරර් ෆිල්මුයි කොච්චර ආවත් හොඳ ඒවා එන්නේ කලාතුරකින්. එත් කොමඩි වල සියේට හැටක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ හින්දා එන හැම කොමඩියක්ම බලනවා. ඔය අතරේ මම කැමතිම සීරීස් වගයක් තියෙනවා. ඇමෙරිකන් පයි, වෑන් වයිල්ඩර්, හැරල්ඩ් ඇන්ඩ් කුමාර්, රෝඩ් ට්‍රිප් වගේ එව්වා... ඔක්කොම අන්රේටඩ්.
මෙව්වයින් හැරල්ඩ් ඇන්ඩ් කුමාර් කියන්නේ නොම්මර එකේ කොමඩි සෙට් එකක්. කතා දෙකක් ඇවිත් තියෙනවා. තුන්වෙනි එකේ ඩීවීඩී එක ආවේ ඊයේ. 

A Very Harold & Kumar 3D Christmas

කෙටියෙන්  කියනවනම් කතාව මෙහෙමයි. අවුරුදු හයකට පස්සේ හමුවන යාලුවෝ දෙන්නෙක්. දෙන්නගේ මිතුදම නැතිවෙන්න ගිහින් තියෙද්දී ජොයින්ට් එකක් හින්ද යාළුකම බේරගන්න හැටි. නත්තල් ගහක් හොයන්න කරන සංචාරයක්.හොඳ හොඳ පිස්සු කෙලල අන්තිමේ ගොඩ යන විදිහ තමයි තියෙන්නේ.


බ්ලුරේ එක මෙතනින් බාගන්න (600MB)

අනික් කතා දෙකත් හොයාගෙන බලන්න හිතුනේ නැත්නම් පුදුමයි....

Saturday, January 14, 2012

වයිරස් ගාඩ් හා ලංකාවේ මිනිස්සු....


අපේ කට්ටිය හරිම අමුතු පිරිසක් නේ. එයාල හිතන විදිහ හරිම වෙනස්. සමහරුන්ට තියෙන ලොකුම බය එයාලගේ කොම්පියුටරේට වයිරස් එයි කියන එක. ඒක නිසා විවිධ වයිරස් ගාඩ් හොයල දාගන්නවා. සමහරුන්ට යාලුවෙක් දීපු ඒක තරම් හොඳ එකක් නැහැ. තව අයට ඉන්ටනෙට් එකේ රිවීව් එකක තියෙන ඒක තමා හොඳම. කොම්පැනියෙන් කියනවනම් තමන්ගේ එක තමයි වැඩියෙන්ම විකිනෙන්නේ කියල, අපි ටක් ගාල ඒක දාගන්නවා. ඊටපස්සේ තමන්ගේ කොම්පියුටරේ රීසෝසස් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ මෙගාබයිට් පූජා කරගෙන ඉන්නවා. පස්සේ කෑ ගහනවා කොම්පියුටරේ ස්ලෝ වෙලාලු. ස්ලෝ නොවී තියෙයිද හැම මල ජරාවම පුරව ගන්නකොට? ඒ උනත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට වයිරස් ගාඩ් එකක් දාල නැති. එත් කිසිම වයිරස් එකකුත් ඇවිත් නැහැ. පුදුමයි නේද?

ඉතින්  මේ වගේ විවිධ අදහස් දරන අයට කියන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙන හැම වයිරස් එකම අපේ කොම්පියුටරේට එන්නෙ නැහැ. එහෙම එන්න නම් එක්කෝ ඔයා ගිය ආත්මේ පවු කරලා තියෙන්න ඕනි. නැත්නම් ලෝකේ තියෙන එකම කොම්පියුටරේ ඔයාගේ එක වෙන්න ඕනි.
ඒ හින්දා තේරුම් ගන්න... හොඳම වයිරස්ගාඩ් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම අහුවෙන එකවත්, වැඩිදෙනෙක් පාවිච්චි කරන එකවත් නෙමෙයි. කොමන් සෙන්ස් එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම තමයි ඕනි කරන්නේ. අවාසනාවට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. අත්දැකීම් වලින් තමයි ගන්න වෙන්නේ.

මේ ටික ලිව්වේ ගොඩාක් අය එකම ප්‍රශ්නය අහන නිසා...

මගේ පුද්ගලික භාවිතය නම් ඇවාස්ට්. ඒත් අත්‍යවශ්‍ය හින්දා නෙමෙයි. නමට එකක් තියෙන්න ඕනි නිසා. සරල, කුඩා වෛරස්ගාඩ් එකකින් ඔයාගේ කොම්පියුටරේ විතරක් නෙවෙයි, හිතත් සැහැල්ලු වේවි.

Monday, January 9, 2012

මිෂන් ඩිනර්වෝක් - රෑට කාපු හැටි


අද පෝය. හන්දියේ කෑම කඩ ඔක්කොම වහල. චයිනීස් එක විතරයි ඇරලා තිබුනේ. දවල්ට කන්නේ මොනාද කියල කල්පනා කළා. ෆ්‍රයිඩ් රයිස් කාල කාල අප්පිරියයි. අදහසක් ආවා. ගෙනාවා ලයිට් මාරි එකක්. ටී එකකුත් හදාගෙන ඒක ඉවර කළා. ඉතුරුවෙලා තිබුණු ක්‍රීම් ක්‍රැකර් දෙකතුනකටත් වැඩේ දුන්න. දැන්නම් ටිකක් ශේප් වගේ. ඔහොම ඉන්නකොට තමයි ඇඳුම් ටිකක් ගන්න ඕනි කියල කල්පනා වුනේ. හවස් වෙලා කිරිබත්ගොඩ ගියොත් ඒ වැඩෙයි කෑම වැඩෙයි දෙකම ගොඩදාගන්න පුළුවන්.

ඔහොම හිතල හැන්දෑවේ පහමාරට විතර කිරිබත්ගොඩ ගියා. ඈතින් පේනවා "චානක බ්‍රාස්" කියල බෝඩ් එකක්. "යකෝ යට ඇඳුම් විකුනන්න වෙනම කඩ තියෙනවනේ. ලංකාව මාර විදිහට දියුණු වෙලානේ" මට හිතුනා. ළඟට යනකොට දැක්ක ඒක පිත්තල බඩු කඩයක් කියල. තිලකේ අංකල්ගේ කඩේ ඇතුළු කඩවල් තුන හතරකට ගොඩවැදිලා එලියට එනකොට අටයි වෙලාව. වහිනවා. පොද ගහනවා. අයෙමත් වහිනවා. බැලුව හෝටලයක් පේන්න තියෙනවද කියල. වෙලාවට තියෙනවා එකක් කිට්ටුවෙන්ම. ගියා බලන්න.

"රයිස් ඇන්ඩ් කරි නෑ. ෆ්‍රයිඩ්රයිස්,කොත්තු,නුඩ්ල්ස් තියෙනවා...." කැෂියා කිව්ව. එතනින් එළියට ඇවිත් වටපිට බලනකොට දැක්ක තව එකක්. පාර පැනල ගිහින් බැලුව. "බත් නෑ...." ගිය පිම්මෙන්ම ආපහු ආව. හෝල්ට් එකක් විතර ඇවිදන් යනකොට දැක්ක තව කඩයක්. ඒකත් චයිනීස් වගේ. කෝකටත් ගියා බලන්න. "තියෙනවා..." සුවර් නැති නිසා ආපහු ඇහුවා. "රයිස්....?" "ඔව් තියෙනවා..." යන්තම් ගොඩ ගියා.. කියල හිතුව විතරයි එහා පැත්තේ කස්ට ඇහුව " රයිස් ඇන්ඩ් කරි තියෙනවද ?" කියල. "නෑ. ෆ්‍රයිඩ් රයිස් විතරයි....."
"මේ මොන #$%^&*&^ක්ද? මූ රයිස් කිව්වේ ෆ්‍රයිඩ් රයිස් වලටද ?" හැරුනා. ආවා. දැකපු පලවෙනි බස් එකේ එල්ලුනා. 


ටිකක් දුර යනකොට මතක් උනා මම ඉන්න හන්දියට කලින් හන්දියේ කෑම කඩ තියෙන බව. එතනින් බැහැල බලනකොට පොඩි කඩයක් තියෙනවා. ගිහින් ඇන්ටිගෙන් ඇහුවා. "තියෙනවා. මොනාද ඕනි? මාළු,කුකුල්මස්,බිත්තර..?" "මට මාළු කෑම පාර්සලයක් දෙන්න." පුදුම සතුටක් දැනුනා. දඟලපු හැටි දන්නේ මං විතරනේ. ඒ එක්කම ඇතුලෙන් කියනව "කෑම ඉවරයි !!!" මං මේ කියන්නේ බොරුවක් නෙමෙයි විස්වාස කරන්ඩ. ඔය වචන දෙක තමයි ඇහුනේ. ඇන්ටි මෝඩ හිනාවක්‌ දැම්ම. "බිත්තර රයිස් එකක් දෙන්නද? 110යි." හිතේ තිබුණු ඒවා කියන්ඩ බැරි නිසා මාත් හිනාවෙලා කිව්ව "හා. දෙන්ඩ" කියල. බාසා ෆ්‍රයිඩ්රයිස් එක ගහනකන් මම ගොනා වගේ බලං හිටිය. ඒකට චිකන් දානවා දැක්ක. "චිකන් නෙමේ ඉල්ලුවේ..." "මේක ටේබල්. ඊළඟ එක මල්ලිට." "යකෝ %&*$% ^#%%%යේ... මං සල්ලිත් දුන්න." වෙන දවසක් උනා නම් ඌට දෙකක් ඇනල හැරිලා එනවා. සිරාවටම.

කොහොම හරි විනාඩි පහෙන් මං කෑම එකත් අරන් එලියට ආව. "තව හෝල්ට් එකයිනේ. පයින්ම යනවා." කියල හිතල ගාටන්න පටන්ගත්ත. පයින් යන්න මට පුදුම ඇම්මක් තියෙනවා. ඉස්සර නුගේගොඩ ඉඳං කිරුළපනට, කිරුලපන ඉඳං කොහුවලට, ආපහු නුගේගොඩට..... ඔය රවුම ගාටනවා. හෝල්ට් එක දෙක නෙමේ පහ හය පයින් යන දවසුත් තියෙනවා. "ඇඟට හොඳයිනේ !" හිත මට කියනව.කොහොම හරි අදත් ඔය මෝඩ වැඩේ කළා.පොද වැස්සේ, මඩ මැදින්, දාඩිය පෙරාගෙන... මං ඇවිල්ල ස්වාධීන මිනිහෙක්.

කොහොම හරි නවයයි කාලට බෝඩිමට ඇවිත් නාල කාල, ලැප් රාජයා ඔන් කරලා ෆිල්ම් එකක් බාන්න දාල මේක කොටන්ඩ පටන් ගත්ත. දැන් 12.20යි. හෙට කැම්පස්. මේ ඇති වගේ. මං ගියා ඕන්....

Tuesday, January 3, 2012

බ්ලොගයට කෙල උනි !!!


000webhost කියන පාහර හොස්ටින්ග් සේවාව නිසා මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට කෙල උනා. 
Suspended for violating 20%+ CPU usage limit for more than 1000 times. Please upgrade to our premium UNLIMITED hosting at www.hosting24.com to get your account reactivated.
මේක ඇත්තද බොරුද කියල කියන්න සාක්ෂියක්වත් මුන් පෙන්නුවේ නැහැ. අඩු ගානේ සයිට් බැකප් එකක්වත් කරන්න නොදී සේරම ෆයිල්ස් ටිකයි ඩේටාබේස් එකයි ඩිලීට් කරලා. එකවුන්ට් එක ආපහු ගන්නනම් ගෙවන්න ඕනිලු. ඒත් ෆයිල්ස් ගැන වගකියන්නේ නැතිලු. මුන් වගේ හොරුන්ට සත පහක්වත් ගෙවන්න හිතෙනවද? ඒක නිසා මාත් බ්ලොගර් වලට මාරු උනා. පෝස්ට් ටිකනම් අපරාදේ තමයි. ඒත් ඉතින් මහා ලොකු දෙයකුත් නෙමෙයිනේ. අන්තිමේදී මෙච්චර කාලයක් හොඳම එක කියල හිතන් හිටපු සේවාව බලුම එක බවට පත් උනා....