Tuesday, January 31, 2012

නිවසේ/බෝඩිමේ සිටම පහසුවෙන් බිත්තරයක් බැදගන්නා අන්දම...


අද මම කියල දෙන්නේ බිත්තර බුල්ස්අයි කරන්න පහසු ක්‍රමයක්. කුස්සියක් නොමැති වටපිටාවකට හෝ කෑම්පින් ගිය විටෙක කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :– 
බිත්තරයක්, තෙල් සුවල්පයක්, ඇලුමිනියම් පිඟානක්, නොකියා හෝ සෝනි එරික්සන් ෆෝන් එකක්, 3G පහසුකම, අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස්.

සාදන ක්‍රමය:-
පළමුවෙන් ෆෝන් එක චාජරයට ගසන්න. ඉන්පසු 3G වලින් ෆිල්ම් එකක් වැනි දෙයක් ඩවුන්ලෝඩ් වීමට දමන්න. ඒ මත ඇලුමිනියම් පිඟාන තබා විනාඩි පහක් සිටින්න. තෙල් ස්වල්පයක් වක්කර ප්‍රවේසමෙන් කඩාගත් බිත්තරය එය මතට දමන්න. ලාවට බැදෙනවිට ලුණු හා ගම්මිරිස් එක්කරන්න. කර වීමට පෙර බාගෙන උණු උණුවේ රස විඳින්න.


සැ.යු.: මේ මගින් බිත්තර විතරක් නෙමේ අල කරියක්, චිකන් කරියක් උනත්  රත්කර ගතහැකිය. ෆෝන් එකේ වයිෆයි තිබේ නම් තේකක් උනත් හදාගෙන බිව්වහැකි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

ඔන්න කිල්බිල් !

ලියන්න තරම් දෙයක් සිද්ද වෙන්නේ නැහැනේ මේ දවස්වල. ඒක හින්දා තව ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුන. මේක මගේ බලපු නැති ෆිල්ම් ගොඩේ මාස තුනක් විතර පල් වෙලා පල් වෙලා ඊයේ තමයි එලියට ආවේ. බැලුවට පස්සේ නිකන් මොකක්ද වගේ. නරක නැති හින්දද කොහෙද IMDB එකේ 8.2ක් රේටින්ග් අරන් තියෙනවා. මේක පරණ ඇක්ෂන් ෆිල්ම් එකක්. නමේ හැටියටම කිල්බිල් - බිල්ව හොයනවා මරන්න. ටිකක් විතර චාලීස් එන්ජල්ස් වගේ. කතාව කොටස් දෙකකට යන්නේ. ඒ අතරේ එපිසෝඩ් වලට බෙදල තියෙනවා. කොහොම උනත් හැමදාම බලන ඒවාට වැඩිය වෙනස් කතාවක්. 


The lead character, called 'The Bride,' was a member of the Deadly Viper Assassination Squad, lead by her lover 'Bill.' Upon realizing she was pregnant with Bill's child, 'The Bride' decided to escape her life as a killer. She fled to Texas, met a young man, and on the day of their wedding rehearsal was gunned down by an angry and jealous Bill (with the assistance of the Deadly Viper Assassination Squad). Four years later, 'The Bride' wakes from a coma, and discovers her baby is gone. She, then, decides to seek revenge upon the five people who destroyed her life and killed her baby. The saga of Kill Bill Volume I begins.

ඔන්න ඔහොම තමා IMDB එකේ විස්තරේ.  ඉතින් ඩවුන්ලෝඩ් කලාට පාඩුවක් නම් වෙන එකක් නෑ මයෙ හිතේ.

Saturday, January 21, 2012

කොමඩියක් බලමු (18+)


පුරුද්දක් වශයෙන් ෆිල්ම් බලන මම වැඩියෙන්ම කැමති කොමඩි වලට. මොකද ඇක්ෂනුයි හොරර් ෆිල්මුයි කොච්චර ආවත් හොඳ ඒවා එන්නේ කලාතුරකින්. එත් කොමඩි වල සියේට හැටක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ හින්දා එන හැම කොමඩියක්ම බලනවා. ඔය අතරේ මම කැමතිම සීරීස් වගයක් තියෙනවා. ඇමෙරිකන් පයි, වෑන් වයිල්ඩර්, හැරල්ඩ් ඇන්ඩ් කුමාර්, රෝඩ් ට්‍රිප් වගේ එව්වා... ඔක්කොම අන්රේටඩ්.
මෙව්වයින් හැරල්ඩ් ඇන්ඩ් කුමාර් කියන්නේ නොම්මර එකේ කොමඩි සෙට් එකක්. කතා දෙකක් ඇවිත් තියෙනවා. තුන්වෙනි එකේ ඩීවීඩී එක ආවේ ඊයේ. 

A Very Harold & Kumar 3D Christmas

කෙටියෙන්  කියනවනම් කතාව මෙහෙමයි. අවුරුදු හයකට පස්සේ හමුවන යාලුවෝ දෙන්නෙක්. දෙන්නගේ මිතුදම නැතිවෙන්න ගිහින් තියෙද්දී ජොයින්ට් එකක් හින්ද යාළුකම බේරගන්න හැටි. නත්තල් ගහක් හොයන්න කරන සංචාරයක්.හොඳ හොඳ පිස්සු කෙලල අන්තිමේ ගොඩ යන විදිහ තමයි තියෙන්නේ.


බ්ලුරේ එක මෙතනින් බාගන්න (600MB)

අනික් කතා දෙකත් හොයාගෙන බලන්න හිතුනේ නැත්නම් පුදුමයි....

Saturday, January 14, 2012

වයිරස් ගාඩ් හා ලංකාවේ මිනිස්සු....


අපේ කට්ටිය හරිම අමුතු පිරිසක් නේ. එයාල හිතන විදිහ හරිම වෙනස්. සමහරුන්ට තියෙන ලොකුම බය එයාලගේ කොම්පියුටරේට වයිරස් එයි කියන එක. ඒක නිසා විවිධ වයිරස් ගාඩ් හොයල දාගන්නවා. සමහරුන්ට යාලුවෙක් දීපු ඒක තරම් හොඳ එකක් නැහැ. තව අයට ඉන්ටනෙට් එකේ රිවීව් එකක තියෙන ඒක තමා හොඳම. කොම්පැනියෙන් කියනවනම් තමන්ගේ එක තමයි වැඩියෙන්ම විකිනෙන්නේ කියල, අපි ටක් ගාල ඒක දාගන්නවා. ඊටපස්සේ තමන්ගේ කොම්පියුටරේ රීසෝසස් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ මෙගාබයිට් පූජා කරගෙන ඉන්නවා. පස්සේ කෑ ගහනවා කොම්පියුටරේ ස්ලෝ වෙලාලු. ස්ලෝ නොවී තියෙයිද හැම මල ජරාවම පුරව ගන්නකොට? ඒ උනත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට වයිරස් ගාඩ් එකක් දාල නැති. එත් කිසිම වයිරස් එකකුත් ඇවිත් නැහැ. පුදුමයි නේද?

ඉතින්  මේ වගේ විවිධ අදහස් දරන අයට කියන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙන හැම වයිරස් එකම අපේ කොම්පියුටරේට එන්නෙ නැහැ. එහෙම එන්න නම් එක්කෝ ඔයා ගිය ආත්මේ පවු කරලා තියෙන්න ඕනි. නැත්නම් ලෝකේ තියෙන එකම කොම්පියුටරේ ඔයාගේ එක වෙන්න ඕනි.
ඒ හින්දා තේරුම් ගන්න... හොඳම වයිරස්ගාඩ් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම අහුවෙන එකවත්, වැඩිදෙනෙක් පාවිච්චි කරන එකවත් නෙමෙයි. කොමන් සෙන්ස් එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම තමයි ඕනි කරන්නේ. අවාසනාවට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. අත්දැකීම් වලින් තමයි ගන්න වෙන්නේ.

මේ ටික ලිව්වේ ගොඩාක් අය එකම ප්‍රශ්නය අහන නිසා...

මගේ පුද්ගලික භාවිතය නම් ඇවාස්ට්. ඒත් අත්‍යවශ්‍ය හින්දා නෙමෙයි. නමට එකක් තියෙන්න ඕනි නිසා. සරල, කුඩා වෛරස්ගාඩ් එකකින් ඔයාගේ කොම්පියුටරේ විතරක් නෙවෙයි, හිතත් සැහැල්ලු වේවි.

Monday, January 9, 2012

මිෂන් ඩිනර්වෝක් - රෑට කාපු හැටි


අද පෝය. හන්දියේ කෑම කඩ ඔක්කොම වහල. චයිනීස් එක විතරයි ඇරලා තිබුනේ. දවල්ට කන්නේ මොනාද කියල කල්පනා කළා. ෆ්‍රයිඩ් රයිස් කාල කාල අප්පිරියයි. අදහසක් ආවා. ගෙනාවා ලයිට් මාරි එකක්. ටී එකකුත් හදාගෙන ඒක ඉවර කළා. ඉතුරුවෙලා තිබුණු ක්‍රීම් ක්‍රැකර් දෙකතුනකටත් වැඩේ දුන්න. දැන්නම් ටිකක් ශේප් වගේ. ඔහොම ඉන්නකොට තමයි ඇඳුම් ටිකක් ගන්න ඕනි කියල කල්පනා වුනේ. හවස් වෙලා කිරිබත්ගොඩ ගියොත් ඒ වැඩෙයි කෑම වැඩෙයි දෙකම ගොඩදාගන්න පුළුවන්.

ඔහොම හිතල හැන්දෑවේ පහමාරට විතර කිරිබත්ගොඩ ගියා. ඈතින් පේනවා "චානක බ්‍රාස්" කියල බෝඩ් එකක්. "යකෝ යට ඇඳුම් විකුනන්න වෙනම කඩ තියෙනවනේ. ලංකාව මාර විදිහට දියුණු වෙලානේ" මට හිතුනා. ළඟට යනකොට දැක්ක ඒක පිත්තල බඩු කඩයක් කියල. තිලකේ අංකල්ගේ කඩේ ඇතුළු කඩවල් තුන හතරකට ගොඩවැදිලා එලියට එනකොට අටයි වෙලාව. වහිනවා. පොද ගහනවා. අයෙමත් වහිනවා. බැලුව හෝටලයක් පේන්න තියෙනවද කියල. වෙලාවට තියෙනවා එකක් කිට්ටුවෙන්ම. ගියා බලන්න.

"රයිස් ඇන්ඩ් කරි නෑ. ෆ්‍රයිඩ්රයිස්,කොත්තු,නුඩ්ල්ස් තියෙනවා...." කැෂියා කිව්ව. එතනින් එළියට ඇවිත් වටපිට බලනකොට දැක්ක තව එකක්. පාර පැනල ගිහින් බැලුව. "බත් නෑ...." ගිය පිම්මෙන්ම ආපහු ආව. හෝල්ට් එකක් විතර ඇවිදන් යනකොට දැක්ක තව කඩයක්. ඒකත් චයිනීස් වගේ. කෝකටත් ගියා බලන්න. "තියෙනවා..." සුවර් නැති නිසා ආපහු ඇහුවා. "රයිස්....?" "ඔව් තියෙනවා..." යන්තම් ගොඩ ගියා.. කියල හිතුව විතරයි එහා පැත්තේ කස්ට ඇහුව " රයිස් ඇන්ඩ් කරි තියෙනවද ?" කියල. "නෑ. ෆ්‍රයිඩ් රයිස් විතරයි....."
"මේ මොන #$%^&*&^ක්ද? මූ රයිස් කිව්වේ ෆ්‍රයිඩ් රයිස් වලටද ?" හැරුනා. ආවා. දැකපු පලවෙනි බස් එකේ එල්ලුනා. 


ටිකක් දුර යනකොට මතක් උනා මම ඉන්න හන්දියට කලින් හන්දියේ කෑම කඩ තියෙන බව. එතනින් බැහැල බලනකොට පොඩි කඩයක් තියෙනවා. ගිහින් ඇන්ටිගෙන් ඇහුවා. "තියෙනවා. මොනාද ඕනි? මාළු,කුකුල්මස්,බිත්තර..?" "මට මාළු කෑම පාර්සලයක් දෙන්න." පුදුම සතුටක් දැනුනා. දඟලපු හැටි දන්නේ මං විතරනේ. ඒ එක්කම ඇතුලෙන් කියනව "කෑම ඉවරයි !!!" මං මේ කියන්නේ බොරුවක් නෙමෙයි විස්වාස කරන්ඩ. ඔය වචන දෙක තමයි ඇහුනේ. ඇන්ටි මෝඩ හිනාවක්‌ දැම්ම. "බිත්තර රයිස් එකක් දෙන්නද? 110යි." හිතේ තිබුණු ඒවා කියන්ඩ බැරි නිසා මාත් හිනාවෙලා කිව්ව "හා. දෙන්ඩ" කියල. බාසා ෆ්‍රයිඩ්රයිස් එක ගහනකන් මම ගොනා වගේ බලං හිටිය. ඒකට චිකන් දානවා දැක්ක. "චිකන් නෙමේ ඉල්ලුවේ..." "මේක ටේබල්. ඊළඟ එක මල්ලිට." "යකෝ %&*$% ^#%%%යේ... මං සල්ලිත් දුන්න." වෙන දවසක් උනා නම් ඌට දෙකක් ඇනල හැරිලා එනවා. සිරාවටම.

කොහොම හරි විනාඩි පහෙන් මං කෑම එකත් අරන් එලියට ආව. "තව හෝල්ට් එකයිනේ. පයින්ම යනවා." කියල හිතල ගාටන්න පටන්ගත්ත. පයින් යන්න මට පුදුම ඇම්මක් තියෙනවා. ඉස්සර නුගේගොඩ ඉඳං කිරුළපනට, කිරුලපන ඉඳං කොහුවලට, ආපහු නුගේගොඩට..... ඔය රවුම ගාටනවා. හෝල්ට් එක දෙක නෙමේ පහ හය පයින් යන දවසුත් තියෙනවා. "ඇඟට හොඳයිනේ !" හිත මට කියනව.කොහොම හරි අදත් ඔය මෝඩ වැඩේ කළා.පොද වැස්සේ, මඩ මැදින්, දාඩිය පෙරාගෙන... මං ඇවිල්ල ස්වාධීන මිනිහෙක්.

කොහොම හරි නවයයි කාලට බෝඩිමට ඇවිත් නාල කාල, ලැප් රාජයා ඔන් කරලා ෆිල්ම් එකක් බාන්න දාල මේක කොටන්ඩ පටන් ගත්ත. දැන් 12.20යි. හෙට කැම්පස්. මේ ඇති වගේ. මං ගියා ඕන්....

Tuesday, January 3, 2012

බ්ලොගයට කෙල උනි !!!


000webhost කියන පාහර හොස්ටින්ග් සේවාව නිසා මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට කෙල උනා. 
Suspended for violating 20%+ CPU usage limit for more than 1000 times. Please upgrade to our premium UNLIMITED hosting at www.hosting24.com to get your account reactivated.
මේක ඇත්තද බොරුද කියල කියන්න සාක්ෂියක්වත් මුන් පෙන්නුවේ නැහැ. අඩු ගානේ සයිට් බැකප් එකක්වත් කරන්න නොදී සේරම ෆයිල්ස් ටිකයි ඩේටාබේස් එකයි ඩිලීට් කරලා. එකවුන්ට් එක ආපහු ගන්නනම් ගෙවන්න ඕනිලු. ඒත් ෆයිල්ස් ගැන වගකියන්නේ නැතිලු. මුන් වගේ හොරුන්ට සත පහක්වත් ගෙවන්න හිතෙනවද? ඒක නිසා මාත් බ්ලොගර් වලට මාරු උනා. පෝස්ට් ටිකනම් අපරාදේ තමයි. ඒත් ඉතින් මහා ලොකු දෙයකුත් නෙමෙයිනේ. අන්තිමේදී මෙච්චර කාලයක් හොඳම එක කියල හිතන් හිටපු සේවාව බලුම එක බවට පත් උනා....