Monday, January 27, 2014

කොරියන් = චයිනීස් වෙච්ච හැටි



කොහොමද ඉතින්,

බ්ලොග් එක ලියන එක නවත්තල හුඟ කාලයක් ගතවෙලා. හරියටම කිව්වොත් මාස අටක්. තවමත් මේක host කරගෙන ඉන්නවට Blogger එකට පිං දෙන්න ඕනි. වෙන තැනක තිබුනනම් කෑලිවත් නෑ දැන්.

ඉතින් කරන්න වැඩකුත් නැතිව නිවාඩු කාලේ ගතවෙලා යන නිසා පොඩි Update පාරක් දාන්න හිතුන. මේ දවස්වල මගේ ෆෝන් කට්ටත් නැතිවෙලා නිසා අලුත් එකක් ගන්නයි හිතුවෙ. බුකියේ, ඉක්මන් එකේ පොඩ්ඩක් හොයල බලනකොට හම්බුනා සැම්සුන්ග් ගැලැක්සි S4 කොරියන් ෆෝන් ලාබෙට තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් අඩුවට. ඉස්සරත් LG Optimus සීරීස් එකේ කොරියන් වර්ෂන් අතපත ගාලා තිබුණු නිසා කොරියන් බඩු සුපිරි බව දැනගෙන හිටිය. මේකත් එහෙම ඇති කියල හිතාගෙන ගාන ෂුවර් කරගන්න කියල ebay එකේ සර්ච් පාරක් දැම්ම galaxy s4 korea කියල. අම්මට සිරි. ඩොලර් 500ක්ලු. මේ හුටපටේ මොකක්ද බලන්න ආපහු ගැහුවා galaxy s4 කියල විතරක්. ඔන්න එනවා ඩොලර් 50 ඉදන්. බලපුවාම මේවා කොරියන් නෙමෙයි චයිනා. HDC කොම්පැනියේ හොර බඩු. මේ ගැන වැඩිදුර හොයනකොට අපේ කොල්ලෙක් ලියපු ලිපියක් හම්බුනා. (මෙතනින් බලන්න) හොයන්නෙ බලන්නෙ නැතුව ගත්තනම් බඩුම තමයි. මේකෙන් ඉගෙනගත්ත පාඩම තමයි කොරියන් ෆෝන් ගන්න ඉන්නවනම් සැම්සුන්ග් ගැලැක්සි S4 නම් ගන්න යන්න එපා. මොකද ඔරිජිනල් කොරියන් ඒවා පට්ට ගණන්.ඊට වඩා හොඳයි ඉන්ටර්නැෂනල් වර්ෂන් ගන්නවා. හැබැයි LG වලට මේක අදාල නෑ. ඔරිජිනල් කොරියන් ඒවා අඩුවට තියෙනව. ආපහු Optimus එකකට බහින්නත් හිතෙනව දැන්නම්. ඒත් සෙකන්ඩ් හෑන්ඩ් නිසා හිතට හරි නෑ.

කොහොම හරි දවස් දෙකක් විතර හොයල හොයල අන්තිමේදී ZTE එකක් ඕඩර් කළා Aliexpress එකේ. දැන් ඒක එනකන් බලන් ඉන්නව.