Wednesday, April 17, 2013

අන්රේටඩ් කොමඩි චිත්‍රපට 5ක් (18+)

අලුත් අවුරුද්දටත් එක්ක හරියන්න දෙනකොට කිරි උතුරන්න දෙන්න එපැයි. ඔන්න අද ගෙනාවා මම කැමතිම ජාතියේ චිත්‍රපට 5ක්. මේවා සේරම අන්රේටඩ් හෝ රේටඩ් R විදිහට සඳහන් වෙලා තියන නිසා පොඩි උන් බලන එකක් නෑ කියල හිතනව.

Superbad (2007)


හොඳ යාළුවො දෙන්නෙක් (සෙත් හා එවන්) පාසල් ගමන නිමා කරලා වෙන්වෙන්න හදනවා. ඒත් ඊට කලින් සාදයකට ඇරයුම් ලබන දෙන්න එහි මත්පැන් ගෙනඒමේ වගකීම බාරගන්නවා. ඒ සාදය සංවිධානය කරන්නේ සේත්ගේ සිහින දෙව්දුව. ඒ නිසා ඔහුත් නෑ බෑ නොකිය වැඩේ බාරගන්නවා. තවත් මිතුරෙක්ගේ හොර හැඳුනුම්පතක් අරන් බාර් එකට යන මෙයාලට වැඩේ කරන්න පුලුවන්ද නැද්ද කියන එක දැනගන්න කතාව බලන්න. හිනාවෙලා මැරුනොත් වග කියනු නොලැබේ.



Old School (2003)



මේක නම් ටිකක් පරණ ෆිල්ම් එකක්. මිතුරන් තිදෙනෙක් තමුන්ගේ ජීවිත වලින් විවේකයක් ගන්න හිතාගෙන ඔවුන්ගේ පරණ පාසල අසල ගෙයක් අරන් පදිංචියට එනව. නමුත් මේකේ ඩීන් විදිහට ඉන්නේ ඔවුන්ගේම මිතුරෙක්. සතුරෙක් කිවුවොත් වඩා නිවැරදියි. ඔහු උත්සාහ කරන්නේ මේ අයව පාසල් භූමියෙන් එලවගන්නයි. නමුත් තවත් ශිෂ්‍යයන් ( පිස්සන් ) පිරිසක් එකතුකරගන්න ඔවුන් ඩීන්ගේ සියලු අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය තමයි කතාවෙන් කියවෙන්නේ.


Beerfest (2006)



ජර්මනියේ පැවැත්වෙන උත්සවයකට සමගාමීව රහසිගතව පැවැත්වෙන බියර් ක්‍රීඩාපොලක් සම්බන්ධ කතාවක්. සහෝදරයෝ දෙන්නෙක් තම සීයාගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න යන ගමනකින් මේ බියර් උත්සවයට පැමිණෙනවා. එහිදී තම පවුලේ ඉතිහාසය සම්බන්ධ අවමානයකට ගොදුරු වන දෙන්නා ආපහු ඇමරිකාවට එන්නේ පළිගැනීමේ අරමුණින්. ඔවුන් තවත් මිතුරන් තිදෙනෙක් එකතු කරගෙන ලබන වසරේ බියර් බීමේ තරඟයට සූදානම් වෙනවා. අවුරුද්දක පුහුණුවකින් පසු ඔවුන්ට ජය ගැනීමට හැකිවෙයිද? ඔවුන්ගේ පවුල වටා ගොඩනැගුනු රහස කුමක්ද? දැනගන්න නම් කතාව බලන්නම ඕනි.


Zack and Miri Make a Porno (2008)


මේක නම් කොමඩියක්ම කියන්න බෑ. ගොඩක් ජනප්‍රිය වුනු ආදර කතාවක්. සැක් හා මීරි කියන්නෙ එක නිවසක ජීවත් වන යුවලක්. ඔවුන් ආර්ථිකය අතින් හරිම දුප්පත්. දවසක් ඔවුන්ට අදහසක් එනවා මුදල් හොයන්න පහසු ක්‍රමයක්. ඒ තමයි නිල් චිත්‍රපට නිෂ්පාදනය. නමුත් මේක පටන්ගන්නවත් ඔවුන්ට මුදල් නැහැ. ඒ නිසා සැක් වැඩ කරන අවන්හලේ මිතුරෙක් සමග එකතුවෙලා ව්‍යාපාරයට අතගහනවා. මෙහි රඟපෑමට විවිධ තරුණ තරුණියන් තෝරාගත්තත් සැක් හා මීරි දෙදෙනාත් එයට දායක වෙන්න තීරණය කරනවා. තමුන්ගේ සියලු බැඳීම් අමතක කරලා ව්‍යාපාරික අරමුණෙන් එය කරන්න උත්සාහ කලත් ඔවුන්ට එසේ කල හැකි වේවිද? චිත්‍රපටය සාර්ථක වේවිද?


Jay and Silent Bob Strike Back (2001)


අන්තිම එක තමයි පරණම එක. නමුත් ඉතාම රසවත් කතාවක්. ජේ සහ බොබ් යනු රස්තියාදුකාර චරිත දෙකක්.ඔවුන්ගේ චරිත අඩංගු කාටුන් පුවත්පත් මාලාවක් ඇසුරින් චිත්‍රපටයක් සාදන්නට යන බව ඔවුන්ට ආරංචි වෙනවා. ඒ ගැන අන්තර්ජාලයේ බැනවැදී ඇති කමෙන්ට් රැසක් දැකීමෙන් කෝප වන ඔවුන් චිත්‍රපටය කඩාකප්පල් කිරීමට තීරණය කරනවා. මේ සඳහා හොලිවුඩ් කරා යන ගමනේදී මොවුන්ට තරුණියන් සිව්දෙනෙක් හමුවෙනවා. ඔවුන් මේ දෙදෙනා රවටා මංකොල්ලයක් සඳහා උදව්කරගන්නවා. ඉන්පසු දෙදෙනාම අපරාධකරුවන් ලෙස හංවඩු ගැසී පොලිසියෙන් පලායාමට සිදුවනවා. ඉන්පසු ජේ සහ බොබ් හට අත්වන්නේ කවර ඉරණමක්ද? ඔවුන්ට සහය වන අද්භූත මිතුරා කවුද? චිත්‍රපටය කඩාකප්පල් කිරීමට ඔවුන්ට හැකි වේවිද? නරඹන්න.



0 comments:

Facebook Blogger Plugin

Post a Comment