Friday, April 19, 2013

පහසුවෙන් Undo කරන්න Shadow Defender


ඔබත් නිතරම විවිධ මෘදුකාංග ස්ථාපනය කිරීම, අත්හදා බැලීම වැනි දේ කරනවානම් සමහර විට වින්ඩෝස් රිකවරි භාවිතා කිරීමට සිදුවෙනවා. නමුත් අධික ලෙස ඉඩ වැයවීම හා සම්පූර්ණයෙන්ම පෙර තත්වයට පත් නොවීම එහි ඇති ගැටලු කිහිපයක්. එමනිසා ඊට විකල්පයක් ලෙස භාවිතා කළහැකි මෘදුකාංගයක් ඔබවෙත ගෙන එනවා. ඒ තමයි Shadow Defender. විශාලත්වයෙන් මෙගාබයිට 3කට වැඩි නැති මේ මෘදුකාංගය වින්ඩෝස් රිකවරි වලට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකියි. එසේම Virtual Box හෝ Sand Box මෘදුකාංග වෙනුවටත් ආදේශකයක් ලෙස භාවිත කල හැකියි.


මෘදුකාංගය ස්ථාපනය කර එහි දැක්වෙන Enter Shadow Mode යන්න ක්ලික් කලවිට ඔබේ පරිගණකය virtual desktop එකක් බවට පත්වන අතර ඒ මත සිදුකරන වෙනස්කම් සියල්ල Shadow Mode එකෙන් ඉවත් වූ පසු නැතිවී යයි. මෙය වින්ඩෝස් 7 දක්වා පමණක් සහය දක්වයි.







0 comments:

Facebook Blogger Plugin

Post a Comment