Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

Saturday, May 25, 2013

Windows 8 සඳහා හොඳම Start Menu එක

වින්ඩෝස් 8 වල විශාල අඩුපාඩුවක් වූ start menu එකක් නැතිකම මගහරවා ගැනීමට අලුත් මෘදුකාංගයක් නිකුත්වී තිබෙනවා. එය නම් කර ඇත්තේ Start Menu 8 ලෙසයි. IObit සමාගමේ නිෂ්පාදනයක් වන මෙය වින්ඩෝස් 7 හි start menu  එකෙහිම වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස හැඳින්විය හැකියි. අනෙකුත් මෘදුකාංග සමග කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර අවශ්‍ය පරිදි වෙනස්කම් කරගත හැකියි.


Friday, April 19, 2013

පහසුවෙන් Undo කරන්න Shadow Defender


ඔබත් නිතරම විවිධ මෘදුකාංග ස්ථාපනය කිරීම, අත්හදා බැලීම වැනි දේ කරනවානම් සමහර විට වින්ඩෝස් රිකවරි භාවිතා කිරීමට සිදුවෙනවා. නමුත් අධික ලෙස ඉඩ වැයවීම හා සම්පූර්ණයෙන්ම පෙර තත්වයට පත් නොවීම එහි ඇති ගැටලු කිහිපයක්. එමනිසා ඊට විකල්පයක් ලෙස භාවිතා කළහැකි මෘදුකාංගයක් ඔබවෙත ගෙන එනවා. ඒ තමයි Shadow Defender. විශාලත්වයෙන් මෙගාබයිට 3කට වැඩි නැති මේ මෘදුකාංගය වින්ඩෝස් රිකවරි වලට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකියි. එසේම Virtual Box හෝ Sand Box මෘදුකාංග වෙනුවටත් ආදේශකයක් ලෙස භාවිත කල හැකියි.

Wednesday, March 13, 2013

IP Hide කිරීමට ලොව පිළිගත් විසඳුම


Block කල වෙබ් අඩවි වලට යාමට හෝ සිය අනන්‍යතාව සැඟවීමට හෝ වේවා බොහෝදෙනා භාවිතා කරනුයේ IP Hide මෘදුකාංගයකි. මේ සඳහා යොදාගන්නේ වාණිජ මෘදුකාංගයක අනවසර පිටපතකි. නැතහොත් නොමිලේ ලැබෙන Proxy List එකකි.

නමුත් Global Internet Freedom Consortium ආයතනය පවසන ආකාරයට එසේ කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ අන්තර්ජාල නිදහස පිලිබඳ ව්‍යාපාරය මගින් පවත්වාගෙන යන නොමිලේ දෙන මෘදුකාංග අතුරින් Freegate මෘදුකාංගය ලොව මිලියන ගණනක් විසින් දෛනිකව භාවිතා කරයි. ඔබටත් පහත ලින්කුව ඔස්සේ ගොස් එම මෘදුකාංගය අත්හදා බැලිය හැක.

Tuesday, October 16, 2012

ඊසෙට් ප්‍රතිවයිරස් මෘදුකාංගය....


මීට මාස කිහිපයකට කලින් මම ඊසෙට් ඇන්ටිවයිරස් එකට මාරු උනා. ඇවාස්ට් වල තිබුණු යම්යම් අඩුපාඩු හා එහි ඇති ක්ලවුඩ් ආකාරයේ අතුරුමුහුණත එපාවීම නිසා තමයි මේ තීරණය ගත්තේ. ඇත්තටම එය ඉතාම හොඳ තීරණයක් බව මට වැටහුනේ ඊසෙට් වල ඇති විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා. ඇවාස්ට් වලට වඩා ප්‍රබල මෘදුකාංගයක් උනාට පරිගනකයේ වේගයට කිසිම බාධාවක් නැතිව එය ක්‍රියා කරනවා. ඩේටාබේස් අප්ඩේට් වීමත් හරිම වේගවත්. ඊසෙට් ස්මාර්ට් සිකියුරිටි කියන්නේ අංගසම්පුර්ණ පැකේජයක්. එය උසස් මට්ටමේ ෆයර්වෝල් එකකින්ද සමන්විතයි.

Monday, October 15, 2012

මිස්ටර් පර්ෆෙක්ට් ගෙන් ලස්සන වෙන්න උපදෙස්......



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ෆොටෝෂොප් මහත්මයා ගැන දන්නවනේ. ලස්සන වෙන්න කැමති කොල්ලො කෙල්ලො සේරම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මෙයාගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ අතරට අලුතින්ම එකතුවෙන කෙනා තමයි මිස්ටර් පර්ෆෙක්ට් කියන්නේ. මෙයාට පුළුවන් මේකප් නැතිවම ඔයාව ලස්සන කරලා දෙන්න. උනන්දුවක් ඇතිඋනානම් දිගටම කියවන්න.

Monday, February 20, 2012

ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නොමිලේ !!! [ක්‍රැක් නැතුව]



ඇවාස්ට් කියන්නේ පරිගණකයේ වේගයට අඩුම බලපෑමක් කරමින් ඉහලම ආරක්ෂාවක් සපයන වයිරස් ගාඩ් එකක්. මේකේ නොමිලේ දෙන සංස්කරණය ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරනවා. එත් ෆයර්වෝල් එක අඩංගු නොවීම නිසා ආරක්ෂාව පිලිබඳ පොඩි ගැටළුවක් මතු වෙනවා. එයට විකල්පයක් ලෙස භාවිතා වන ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටිහි මිල  $49.99 ක් වෙනවා. නමුත් පොඩි ජිල්මාට් එකක් දාල නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවනි.

මෙහෙම කරමු.
1.ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නැතිනම් මෙතනින් බාගන්න
2.කී ෆයිල් එක මෙතනින් බාගන්න
3.ඉන්ස්ටෝල් කරගෙන කී ෆයිල් එක ලබාදෙන්න
4.ඇවාස්ට් තුල FIREWALL එකේ "Application Rules" වෙත යන්න
5.රයිට් ක්ලික් කර "New Group" එකක් හදන්න. එතුල "New application rule" එකක් දෙන්න
6.දැන් C:\Program Files\AVAST Software\Avast\AvastUI.exe එක තෝරන්න
7.එයට "Block all connections" දෙන්න


වැඩ අවසන්. දැන් ඔබට ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුළුවනි. මෙහිදී වයිරස් ගාඩ් එකේ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. ඕනිම වර්ෂන් එකකට අප්ඩේට් අප්ග්‍රේඩ් කරන්න පුළුවනි. කී ෆයිල් එක ඉවර වෙනකන් පාවිච්චි කරන්න පුළුවනි. ක්‍රැක් වලට අකමැති අයටත්, සැරින්සැරේට කී ෆයිල් මාරු කරන්න අකමැති අයටත් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි.


Saturday, January 14, 2012

වයිරස් ගාඩ් හා ලංකාවේ මිනිස්සු....


අපේ කට්ටිය හරිම අමුතු පිරිසක් නේ. එයාල හිතන විදිහ හරිම වෙනස්. සමහරුන්ට තියෙන ලොකුම බය එයාලගේ කොම්පියුටරේට වයිරස් එයි කියන එක. ඒක නිසා විවිධ වයිරස් ගාඩ් හොයල දාගන්නවා. සමහරුන්ට යාලුවෙක් දීපු ඒක තරම් හොඳ එකක් නැහැ. තව අයට ඉන්ටනෙට් එකේ රිවීව් එකක තියෙන ඒක තමා හොඳම. කොම්පැනියෙන් කියනවනම් තමන්ගේ එක තමයි වැඩියෙන්ම විකිනෙන්නේ කියල, අපි ටක් ගාල ඒක දාගන්නවා. ඊටපස්සේ තමන්ගේ කොම්පියුටරේ රීසෝසස් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ මෙගාබයිට් පූජා කරගෙන ඉන්නවා. පස්සේ කෑ ගහනවා කොම්පියුටරේ ස්ලෝ වෙලාලු. ස්ලෝ නොවී තියෙයිද හැම මල ජරාවම පුරව ගන්නකොට? ඒ උනත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට වයිරස් ගාඩ් එකක් දාල නැති. එත් කිසිම වයිරස් එකකුත් ඇවිත් නැහැ. පුදුමයි නේද?

ඉතින්  මේ වගේ විවිධ අදහස් දරන අයට කියන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙන හැම වයිරස් එකම අපේ කොම්පියුටරේට එන්නෙ නැහැ. එහෙම එන්න නම් එක්කෝ ඔයා ගිය ආත්මේ පවු කරලා තියෙන්න ඕනි. නැත්නම් ලෝකේ තියෙන එකම කොම්පියුටරේ ඔයාගේ එක වෙන්න ඕනි.
ඒ හින්දා තේරුම් ගන්න... හොඳම වයිරස්ගාඩ් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම අහුවෙන එකවත්, වැඩිදෙනෙක් පාවිච්චි කරන එකවත් නෙමෙයි. කොමන් සෙන්ස් එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම තමයි ඕනි කරන්නේ. අවාසනාවට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. අත්දැකීම් වලින් තමයි ගන්න වෙන්නේ.

මේ ටික ලිව්වේ ගොඩාක් අය එකම ප්‍රශ්නය අහන නිසා...

මගේ පුද්ගලික භාවිතය නම් ඇවාස්ට්. ඒත් අත්‍යවශ්‍ය හින්දා නෙමෙයි. නමට එකක් තියෙන්න ඕනි නිසා. සරල, කුඩා වෛරස්ගාඩ් එකකින් ඔයාගේ කොම්පියුටරේ විතරක් නෙවෙයි, හිතත් සැහැල්ලු වේවි.