Showing posts with label pc. Show all posts
Showing posts with label pc. Show all posts

Wednesday, March 13, 2013

IP Hide කිරීමට ලොව පිළිගත් විසඳුම


Block කල වෙබ් අඩවි වලට යාමට හෝ සිය අනන්‍යතාව සැඟවීමට හෝ වේවා බොහෝදෙනා භාවිතා කරනුයේ IP Hide මෘදුකාංගයකි. මේ සඳහා යොදාගන්නේ වාණිජ මෘදුකාංගයක අනවසර පිටපතකි. නැතහොත් නොමිලේ ලැබෙන Proxy List එකකි.

නමුත් Global Internet Freedom Consortium ආයතනය පවසන ආකාරයට එසේ කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ අන්තර්ජාල නිදහස පිලිබඳ ව්‍යාපාරය මගින් පවත්වාගෙන යන නොමිලේ දෙන මෘදුකාංග අතුරින් Freegate මෘදුකාංගය ලොව මිලියන ගණනක් විසින් දෛනිකව භාවිතා කරයි. ඔබටත් පහත ලින්කුව ඔස්සේ ගොස් එම මෘදුකාංගය අත්හදා බැලිය හැක.

Sunday, March 10, 2013

Just Cause 2

Just_Cause_2

Rico Rodriguez කියන්නෙ CIA නියෝජිතයෙක්. Panau නම් දිවයින තුල සිදුවන දේශපාලන ගැටුම් අතරේ අතුරුදන් වන නියෝජිතයෙක් සෙවීම ඔහුට භාර වෙනවා. මේ නියෝජිතයා එරට තුල ගැටුම් ඇති කිරීමට හා හිටපු පාලකයා මරාදැමීමට සම්බන්ධ යැයි සැක කෙරෙනවා.  Agency එක මගින් පැවරෙන මෙහෙයුම් සහ අමතර මෙහෙයුම් කිහිපයක Rico හට යෙදීමට සිදුවෙනවා.මේ ක්‍රීඩාව Sandbox වර්ගයේ එකක්. එනම් විශාල පරිසරයක් තුල සිතැඟි පරිදි  ක්‍රීඩාව මෙහෙයවීමට ක්‍රීඩකයාට හැකියි. GTA,Saint's Row,Mafia,Godfather වැනි ක්‍රීඩාද අයත් වන්නේ මේ ගණයටයි. විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ පරිසරය නිර්මාණය කර ඇති ආකාරයයි. පැදවිය හැකි රථවාහන සියයකට අධික සංඛ්‍යාවක් සහිතයි. ආයුධ වර්ග 23ක් ඇති බව සඳහන්. එසේම සිත්ගන්නාසුළු පිපුරුම් දර්ශනද අඩංගු වෙනවා.

බාගතකරන්න
1.38GB සෘජු බාගැනීමේ ලින්කුව
[මෙය Copy කර ඔබගේ Download Manager එකෙහි Paste කරන්න]

Friday, March 8, 2013

Tom Clancy's Ghost Recon: Future Soldier

ghost-recon-future-soldier_title

සැමවිටම වෙනස් ආකාරයේ ක්‍රීඩාවන් ඔබ වෙත ගෙන එමට අපි අපේක්ෂා කරමු. එබැවින් මෙවර 2012 වසරේ නිකුත්වූ හොඳම ප්‍රතිචාර ලද  Tactical Shooter  වර්ගයේ ක්‍රීඩාව ගෙන ආවෙමු. ටොම් ක්ලැන්සි යනු බටහිර යුධ කතා රචකයන් අතර රජු ලෙස හැඳින්වූවාට වරදක් නැත. ඔහුගේ සංකල්පයක් මත  නිපදවූ Ghost Recon ක්‍රීඩා මාලාවේ හත්වන දිගහැරුම Ghost Recon: Future Soldier පසුගිය වසරේදී Ubisoft සමාගම විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ක්‍රීඩකයාට ලැබෙනුයේ 2024 වසරේ පිහිටුවන ලද අතිශය දියුණු තාක්ෂණයක් යොදාගන්නා කුලී හමුදා කණ්ඩායමකි. ඉතා දුෂ්කර මෙහෙයුම් රහසිගතව හා ක්ෂණිකව සිදුකිරීම මොවුන්ට පැවරෙයි. න්‍යෂ්ටික අවි වෙළෙන්දෙකු කොටු කර ගැනීම සඳහා සැලසුම් කරන Ghost කණ්ඩායමක් බෝම්බ පිපිරුමකට හසුව විනාශ වේ. එම සිද්ධිය පරීක්ෂා කර ජාවාරම්කරු අල්ලාගැනීම තවත් Ghost කණ්ඩායමකට ලැබෙන අතර ඔවුන් අවසානයේ කොටුවන්නේ රටවල් අතර සිදුවන න්‍යෂ්ටික සංග්‍රාමයකටය. ඉතා සූක්ෂම ලෙස කරන සටන් මෙන්ම රහසිගත මෙහෙයුම් හා දැවැන්ත යුධ ගැටුම් වලට මැදි වීමට ක්‍රීඩකයාට සිදුවේ. මෙම ක්‍රීඩාවේදී ඉතා උසස් ගණයේ ග්‍රැෆික් තාක්ෂණයක් භාවිතාවේ. එමෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස්කම් සිදුකළහැකි  අවි ආයුධ වර්ග රැසක් තෝරාගැනීමට ලැබේ. සටන් බිමේදී භාවිතා කරන ආයුධය, උපාය මාර්ගය හා ක්‍රීඩකයාගේ අංග චලන මත ඔහුගේ ජීවිතය රඳාපවතින අතර අදාළ මොහොතට ගැලපෙන සටන් ක්‍රමය තෝරාගත යුතුය.

බාගන්න




[ක්‍රීඩාව නියමාකාරයෙන් ස්ථාපනය කිරීමට නම් එහි නිකුත්වී ඇති Updates සියල්ල ස්ථාපනය කලයුතු අතර අවසානයේ Crack එක copy කල යුතුය.]

Tomb Raider (2013)



1996 වසරේ නිකුත්වුනු ටූම්බ් රේඩර් ක්‍රීඩාව ඔබට මතක ඇති. එසේ නැතිනම් ඇන්ජලීනා ජොලී රඟපෑමෙන් දායක වුනු ටූම්බ් රේඩර් චිත්‍රපට නරඹා ඇති. මේ ක්‍රීඩාව එවකට දරුවන් අතර  අතිශය ජනප්‍රියත්වට පත් වූ අතර  නිකුත් වී වසර දහසයකට පසුත් එලෙසින්ම රඳවාගැනීමට හැකිවී තිබේ. ඒ මෙම ක්‍රීඩාපෙලේ පස්වන දිගහැරුමත් සමගය. මෙහිදීද ක්‍රීඩකයාට ලාරා ක්රෝෆ්ට් නම් වීර  කාන්තාවගේ චරිතය මෙහෙයවීමට ලැබෙන අතර මුහුදුබත්වූ නෞකාවකින් දිවි ගලවාගන්නා ඇය දූපතක සිරවී සිදුකරන අරගලය තේමා වී ඇත. වනාන්තරයක් තුල දිවිගලවාගැනීමට සටන් කරන ලාරා හට විවිධ දක්ෂතා ප්‍රගුණ කරමින් සහ නොයෙකුත් බාහිර මෙහෙයුම් වලට සම්බන්ධවෙමින් ඉදිරියට යාමට සිදුවේ. මෑතකදී නිකුත්වූ  FarCry 3 ක්‍රීඩාවට බෙහෙවින් සමාන වන අතර එනමුත් ග්‍රැෆික් නිර්මාණ අතරින් ඉදිරියෙන් සිටියි. Open World වර්ගයේ ක්‍රීඩාවක් වන මෙහි නිෂ්පාදනය Square-Enix සමාගමෙනි.

බාගතකිරීමට:
හෝ
හෝ


Thursday, March 7, 2013

Arma III

Arma-3-Wallpaper-1080p

ලෝකයේ ඉතාම ජනප්‍රිය Combat Simulator ක්‍රීඩාවක් වන Arma : Armed Assault හි ප්‍රථම අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් වී ඇත. මෙම ක්‍රීඩා මාලාවේ තුන්වන අදියර වන මෙය ලොව පුරා මිලියන ගණනක් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගැනීමට සමත්විය. තාත්වික බවට ආසන්න නිසාම Arma  ක්‍රීඩාව බොහෝ රටවල  යුධ උපදේශකයන් හා පුහුණුකරුවන් විසින් යොදාගන්නා බැව් සඳහන්ය.Bohemia Interactive සමාගමේ නිපැයුමක් වන මෙම ක්‍රීඩාව 2013 තුන්වන කාර්තුවේ නිකුත් වීමට නියමිතය.

Friday, December 14, 2012

අසැසින්ස් ක්රීඩ් III [පරිගණක ක්‍රීඩා]

අසැසින්ස් ක්රීඩ් ක්‍රීඩා පෙලේ පස්වෙනි දිගහැරුම Assassin's Creed III නොවැම්බර් මාසයේ නිකුත් වුනා. මෙහිදීද මුල් කතා පෙලින් ඔබ්බට ගොස් ඇමරිකානු විප්ලව සමයේ සිටි කුලී ඝාතකයෙකුගේ චරිතය ඔබට ලැබෙනවා.
කලින් සංස්කරණ ඔබ ක්‍රීඩාකර තිබේනම් මෙහි එතරම් වෙනසක් පෙනෙන එකක් නැහැ. නමුත් නව ආයුධ සහ අංගචලනයන් කිහිපයක් එකතුවී තිබෙනවා. අවට ලෝකය නම් බොහෝ දුරට සමානයි.

Monday, February 20, 2012

ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නොමිලේ !!! [ක්‍රැක් නැතුව]



ඇවාස්ට් කියන්නේ පරිගණකයේ වේගයට අඩුම බලපෑමක් කරමින් ඉහලම ආරක්ෂාවක් සපයන වයිරස් ගාඩ් එකක්. මේකේ නොමිලේ දෙන සංස්කරණය ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරනවා. එත් ෆයර්වෝල් එක අඩංගු නොවීම නිසා ආරක්ෂාව පිලිබඳ පොඩි ගැටළුවක් මතු වෙනවා. එයට විකල්පයක් ලෙස භාවිතා වන ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටිහි මිල  $49.99 ක් වෙනවා. නමුත් පොඩි ජිල්මාට් එකක් දාල නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවනි.

මෙහෙම කරමු.
1.ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නැතිනම් මෙතනින් බාගන්න
2.කී ෆයිල් එක මෙතනින් බාගන්න
3.ඉන්ස්ටෝල් කරගෙන කී ෆයිල් එක ලබාදෙන්න
4.ඇවාස්ට් තුල FIREWALL එකේ "Application Rules" වෙත යන්න
5.රයිට් ක්ලික් කර "New Group" එකක් හදන්න. එතුල "New application rule" එකක් දෙන්න
6.දැන් C:\Program Files\AVAST Software\Avast\AvastUI.exe එක තෝරන්න
7.එයට "Block all connections" දෙන්න


වැඩ අවසන්. දැන් ඔබට ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුළුවනි. මෙහිදී වයිරස් ගාඩ් එකේ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. ඕනිම වර්ෂන් එකකට අප්ඩේට් අප්ග්‍රේඩ් කරන්න පුළුවනි. කී ෆයිල් එක ඉවර වෙනකන් පාවිච්චි කරන්න පුළුවනි. ක්‍රැක් වලට අකමැති අයටත්, සැරින්සැරේට කී ෆයිල් මාරු කරන්න අකමැති අයටත් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි.