Friday, March 8, 2013

Tom Clancy's Ghost Recon: Future Soldier

ghost-recon-future-soldier_title

සැමවිටම වෙනස් ආකාරයේ ක්‍රීඩාවන් ඔබ වෙත ගෙන එමට අපි අපේක්ෂා කරමු. එබැවින් මෙවර 2012 වසරේ නිකුත්වූ හොඳම ප්‍රතිචාර ලද  Tactical Shooter  වර්ගයේ ක්‍රීඩාව ගෙන ආවෙමු. ටොම් ක්ලැන්සි යනු බටහිර යුධ කතා රචකයන් අතර රජු ලෙස හැඳින්වූවාට වරදක් නැත. ඔහුගේ සංකල්පයක් මත  නිපදවූ Ghost Recon ක්‍රීඩා මාලාවේ හත්වන දිගහැරුම Ghost Recon: Future Soldier පසුගිය වසරේදී Ubisoft සමාගම විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ක්‍රීඩකයාට ලැබෙනුයේ 2024 වසරේ පිහිටුවන ලද අතිශය දියුණු තාක්ෂණයක් යොදාගන්නා කුලී හමුදා කණ්ඩායමකි. ඉතා දුෂ්කර මෙහෙයුම් රහසිගතව හා ක්ෂණිකව සිදුකිරීම මොවුන්ට පැවරෙයි. න්‍යෂ්ටික අවි වෙළෙන්දෙකු කොටු කර ගැනීම සඳහා සැලසුම් කරන Ghost කණ්ඩායමක් බෝම්බ පිපිරුමකට හසුව විනාශ වේ. එම සිද්ධිය පරීක්ෂා කර ජාවාරම්කරු අල්ලාගැනීම තවත් Ghost කණ්ඩායමකට ලැබෙන අතර ඔවුන් අවසානයේ කොටුවන්නේ රටවල් අතර සිදුවන න්‍යෂ්ටික සංග්‍රාමයකටය. ඉතා සූක්ෂම ලෙස කරන සටන් මෙන්ම රහසිගත මෙහෙයුම් හා දැවැන්ත යුධ ගැටුම් වලට මැදි වීමට ක්‍රීඩකයාට සිදුවේ. මෙම ක්‍රීඩාවේදී ඉතා උසස් ගණයේ ග්‍රැෆික් තාක්ෂණයක් භාවිතාවේ. එමෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස්කම් සිදුකළහැකි  අවි ආයුධ වර්ග රැසක් තෝරාගැනීමට ලැබේ. සටන් බිමේදී භාවිතා කරන ආයුධය, උපාය මාර්ගය හා ක්‍රීඩකයාගේ අංග චලන මත ඔහුගේ ජීවිතය රඳාපවතින අතර අදාළ මොහොතට ගැලපෙන සටන් ක්‍රමය තෝරාගත යුතුය.

බාගන්න




[ක්‍රීඩාව නියමාකාරයෙන් ස්ථාපනය කිරීමට නම් එහි නිකුත්වී ඇති Updates සියල්ල ස්ථාපනය කලයුතු අතර අවසානයේ Crack එක copy කල යුතුය.]

2 comments:

  1. අම්බෝ මෙවුව ලොකු වැඩී නෙහ් !!

    ReplyDelete
  2. මේවා බොහොමයක් වෙළෙඳපොලේ සුළු මුදලකට මිලට ගන්න පුළුවනි. නමුත් හැකියාව ඇති අය වෙනුවෙන් බාගත කිරීමට ඉඩ සලසා දෙමු. ඔබගේ ඉල්ලීම සලකා ප්‍රමාණයෙන් කුඩා ක්‍රීඩාද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

    ReplyDelete