Friday, March 8, 2013

Tomb Raider (2013)



1996 වසරේ නිකුත්වුනු ටූම්බ් රේඩර් ක්‍රීඩාව ඔබට මතක ඇති. එසේ නැතිනම් ඇන්ජලීනා ජොලී රඟපෑමෙන් දායක වුනු ටූම්බ් රේඩර් චිත්‍රපට නරඹා ඇති. මේ ක්‍රීඩාව එවකට දරුවන් අතර  අතිශය ජනප්‍රියත්වට පත් වූ අතර  නිකුත් වී වසර දහසයකට පසුත් එලෙසින්ම රඳවාගැනීමට හැකිවී තිබේ. ඒ මෙම ක්‍රීඩාපෙලේ පස්වන දිගහැරුමත් සමගය. මෙහිදීද ක්‍රීඩකයාට ලාරා ක්රෝෆ්ට් නම් වීර  කාන්තාවගේ චරිතය මෙහෙයවීමට ලැබෙන අතර මුහුදුබත්වූ නෞකාවකින් දිවි ගලවාගන්නා ඇය දූපතක සිරවී සිදුකරන අරගලය තේමා වී ඇත. වනාන්තරයක් තුල දිවිගලවාගැනීමට සටන් කරන ලාරා හට විවිධ දක්ෂතා ප්‍රගුණ කරමින් සහ නොයෙකුත් බාහිර මෙහෙයුම් වලට සම්බන්ධවෙමින් ඉදිරියට යාමට සිදුවේ. මෑතකදී නිකුත්වූ  FarCry 3 ක්‍රීඩාවට බෙහෙවින් සමාන වන අතර එනමුත් ග්‍රැෆික් නිර්මාණ අතරින් ඉදිරියෙන් සිටියි. Open World වර්ගයේ ක්‍රීඩාවක් වන මෙහි නිෂ්පාදනය Square-Enix සමාගමෙනි.


බාගතකිරීමට:
හෝ
හෝ


0 comments:

Facebook Blogger Plugin

Post a Comment