Monday, January 27, 2014

කොරියන් = චයිනීස් වෙච්ච හැටි



කොහොමද ඉතින්,

බ්ලොග් එක ලියන එක නවත්තල හුඟ කාලයක් ගතවෙලා. හරියටම කිව්වොත් මාස අටක්. තවමත් මේක host කරගෙන ඉන්නවට Blogger එකට පිං දෙන්න ඕනි. වෙන තැනක තිබුනනම් කෑලිවත් නෑ දැන්.

ඉතින් කරන්න වැඩකුත් නැතිව නිවාඩු කාලේ ගතවෙලා යන නිසා පොඩි Update පාරක් දාන්න හිතුන. මේ දවස්වල මගේ ෆෝන් කට්ටත් නැතිවෙලා නිසා අලුත් එකක් ගන්නයි හිතුවෙ. බුකියේ, ඉක්මන් එකේ පොඩ්ඩක් හොයල බලනකොට හම්බුනා සැම්සුන්ග් ගැලැක්සි S4 කොරියන් ෆෝන් ලාබෙට තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් අඩුවට. ඉස්සරත් LG Optimus සීරීස් එකේ කොරියන් වර්ෂන් අතපත ගාලා තිබුණු නිසා කොරියන් බඩු සුපිරි බව දැනගෙන හිටිය. මේකත් එහෙම ඇති කියල හිතාගෙන ගාන ෂුවර් කරගන්න කියල ebay එකේ සර්ච් පාරක් දැම්ම galaxy s4 korea කියල. අම්මට සිරි. ඩොලර් 500ක්ලු. මේ හුටපටේ මොකක්ද බලන්න ආපහු ගැහුවා galaxy s4 කියල විතරක්. ඔන්න එනවා ඩොලර් 50 ඉදන්. බලපුවාම මේවා කොරියන් නෙමෙයි චයිනා. HDC කොම්පැනියේ හොර බඩු. මේ ගැන වැඩිදුර හොයනකොට අපේ කොල්ලෙක් ලියපු ලිපියක් හම්බුනා. (මෙතනින් බලන්න) හොයන්නෙ බලන්නෙ නැතුව ගත්තනම් බඩුම තමයි. මේකෙන් ඉගෙනගත්ත පාඩම තමයි කොරියන් ෆෝන් ගන්න ඉන්නවනම් සැම්සුන්ග් ගැලැක්සි S4 නම් ගන්න යන්න එපා. මොකද ඔරිජිනල් කොරියන් ඒවා පට්ට ගණන්.ඊට වඩා හොඳයි ඉන්ටර්නැෂනල් වර්ෂන් ගන්නවා. හැබැයි LG වලට මේක අදාල නෑ. ඔරිජිනල් කොරියන් ඒවා අඩුවට තියෙනව. ආපහු Optimus එකකට බහින්නත් හිතෙනව දැන්නම්. ඒත් සෙකන්ඩ් හෑන්ඩ් නිසා හිතට හරි නෑ.

කොහොම හරි දවස් දෙකක් විතර හොයල හොයල අන්තිමේදී ZTE එකක් ඕඩර් කළා Aliexpress එකේ. දැන් ඒක එනකන් බලන් ඉන්නව.

Saturday, May 25, 2013

Windows 8 සඳහා හොඳම Start Menu එක

වින්ඩෝස් 8 වල විශාල අඩුපාඩුවක් වූ start menu එකක් නැතිකම මගහරවා ගැනීමට අලුත් මෘදුකාංගයක් නිකුත්වී තිබෙනවා. එය නම් කර ඇත්තේ Start Menu 8 ලෙසයි. IObit සමාගමේ නිෂ්පාදනයක් වන මෙය වින්ඩෝස් 7 හි start menu  එකෙහිම වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස හැඳින්විය හැකියි. අනෙකුත් මෘදුකාංග සමග කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර අවශ්‍ය පරිදි වෙනස්කම් කරගත හැකියි.


Friday, April 19, 2013

පහසුවෙන් Undo කරන්න Shadow Defender


ඔබත් නිතරම විවිධ මෘදුකාංග ස්ථාපනය කිරීම, අත්හදා බැලීම වැනි දේ කරනවානම් සමහර විට වින්ඩෝස් රිකවරි භාවිතා කිරීමට සිදුවෙනවා. නමුත් අධික ලෙස ඉඩ වැයවීම හා සම්පූර්ණයෙන්ම පෙර තත්වයට පත් නොවීම එහි ඇති ගැටලු කිහිපයක්. එමනිසා ඊට විකල්පයක් ලෙස භාවිතා කළහැකි මෘදුකාංගයක් ඔබවෙත ගෙන එනවා. ඒ තමයි Shadow Defender. විශාලත්වයෙන් මෙගාබයිට 3කට වැඩි නැති මේ මෘදුකාංගය වින්ඩෝස් රිකවරි වලට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකියි. එසේම Virtual Box හෝ Sand Box මෘදුකාංග වෙනුවටත් ආදේශකයක් ලෙස භාවිත කල හැකියි.

Wednesday, April 17, 2013

අන්රේටඩ් කොමඩි චිත්‍රපට 5ක් (18+)

අලුත් අවුරුද්දටත් එක්ක හරියන්න දෙනකොට කිරි උතුරන්න දෙන්න එපැයි. ඔන්න අද ගෙනාවා මම කැමතිම ජාතියේ චිත්‍රපට 5ක්. මේවා සේරම අන්රේටඩ් හෝ රේටඩ් R විදිහට සඳහන් වෙලා තියන නිසා පොඩි උන් බලන එකක් නෑ කියල හිතනව.

Wednesday, March 13, 2013

IP Hide කිරීමට ලොව පිළිගත් විසඳුම


Block කල වෙබ් අඩවි වලට යාමට හෝ සිය අනන්‍යතාව සැඟවීමට හෝ වේවා බොහෝදෙනා භාවිතා කරනුයේ IP Hide මෘදුකාංගයකි. මේ සඳහා යොදාගන්නේ වාණිජ මෘදුකාංගයක අනවසර පිටපතකි. නැතහොත් නොමිලේ ලැබෙන Proxy List එකකි.

නමුත් Global Internet Freedom Consortium ආයතනය පවසන ආකාරයට එසේ කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ අන්තර්ජාල නිදහස පිලිබඳ ව්‍යාපාරය මගින් පවත්වාගෙන යන නොමිලේ දෙන මෘදුකාංග අතුරින් Freegate මෘදුකාංගය ලොව මිලියන ගණනක් විසින් දෛනිකව භාවිතා කරයි. ඔබටත් පහත ලින්කුව ඔස්සේ ගොස් එම මෘදුකාංගය අත්හදා බැලිය හැක.

Sunday, March 10, 2013

Just Cause 2

Just_Cause_2

Rico Rodriguez කියන්නෙ CIA නියෝජිතයෙක්. Panau නම් දිවයින තුල සිදුවන දේශපාලන ගැටුම් අතරේ අතුරුදන් වන නියෝජිතයෙක් සෙවීම ඔහුට භාර වෙනවා. මේ නියෝජිතයා එරට තුල ගැටුම් ඇති කිරීමට හා හිටපු පාලකයා මරාදැමීමට සම්බන්ධ යැයි සැක කෙරෙනවා.  Agency එක මගින් පැවරෙන මෙහෙයුම් සහ අමතර මෙහෙයුම් කිහිපයක Rico හට යෙදීමට සිදුවෙනවා.මේ ක්‍රීඩාව Sandbox වර්ගයේ එකක්. එනම් විශාල පරිසරයක් තුල සිතැඟි පරිදි  ක්‍රීඩාව මෙහෙයවීමට ක්‍රීඩකයාට හැකියි. GTA,Saint's Row,Mafia,Godfather වැනි ක්‍රීඩාද අයත් වන්නේ මේ ගණයටයි. විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ පරිසරය නිර්මාණය කර ඇති ආකාරයයි. පැදවිය හැකි රථවාහන සියයකට අධික සංඛ්‍යාවක් සහිතයි. ආයුධ වර්ග 23ක් ඇති බව සඳහන්. එසේම සිත්ගන්නාසුළු පිපුරුම් දර්ශනද අඩංගු වෙනවා.

බාගතකරන්න
1.38GB සෘජු බාගැනීමේ ලින්කුව
[මෙය Copy කර ඔබගේ Download Manager එකෙහි Paste කරන්න]

Friday, March 8, 2013

Tom Clancy's Ghost Recon: Future Soldier

ghost-recon-future-soldier_title

සැමවිටම වෙනස් ආකාරයේ ක්‍රීඩාවන් ඔබ වෙත ගෙන එමට අපි අපේක්ෂා කරමු. එබැවින් මෙවර 2012 වසරේ නිකුත්වූ හොඳම ප්‍රතිචාර ලද  Tactical Shooter  වර්ගයේ ක්‍රීඩාව ගෙන ආවෙමු. ටොම් ක්ලැන්සි යනු බටහිර යුධ කතා රචකයන් අතර රජු ලෙස හැඳින්වූවාට වරදක් නැත. ඔහුගේ සංකල්පයක් මත  නිපදවූ Ghost Recon ක්‍රීඩා මාලාවේ හත්වන දිගහැරුම Ghost Recon: Future Soldier පසුගිය වසරේදී Ubisoft සමාගම විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ක්‍රීඩකයාට ලැබෙනුයේ 2024 වසරේ පිහිටුවන ලද අතිශය දියුණු තාක්ෂණයක් යොදාගන්නා කුලී හමුදා කණ්ඩායමකි. ඉතා දුෂ්කර මෙහෙයුම් රහසිගතව හා ක්ෂණිකව සිදුකිරීම මොවුන්ට පැවරෙයි. න්‍යෂ්ටික අවි වෙළෙන්දෙකු කොටු කර ගැනීම සඳහා සැලසුම් කරන Ghost කණ්ඩායමක් බෝම්බ පිපිරුමකට හසුව විනාශ වේ. එම සිද්ධිය පරීක්ෂා කර ජාවාරම්කරු අල්ලාගැනීම තවත් Ghost කණ්ඩායමකට ලැබෙන අතර ඔවුන් අවසානයේ කොටුවන්නේ රටවල් අතර සිදුවන න්‍යෂ්ටික සංග්‍රාමයකටය. ඉතා සූක්ෂම ලෙස කරන සටන් මෙන්ම රහසිගත මෙහෙයුම් හා දැවැන්ත යුධ ගැටුම් වලට මැදි වීමට ක්‍රීඩකයාට සිදුවේ. මෙම ක්‍රීඩාවේදී ඉතා උසස් ගණයේ ග්‍රැෆික් තාක්ෂණයක් භාවිතාවේ. එමෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස්කම් සිදුකළහැකි  අවි ආයුධ වර්ග රැසක් තෝරාගැනීමට ලැබේ. සටන් බිමේදී භාවිතා කරන ආයුධය, උපාය මාර්ගය හා ක්‍රීඩකයාගේ අංග චලන මත ඔහුගේ ජීවිතය රඳාපවතින අතර අදාළ මොහොතට ගැලපෙන සටන් ක්‍රමය තෝරාගත යුතුය.

බාගන්න




[ක්‍රීඩාව නියමාකාරයෙන් ස්ථාපනය කිරීමට නම් එහි නිකුත්වී ඇති Updates සියල්ල ස්ථාපනය කලයුතු අතර අවසානයේ Crack එක copy කල යුතුය.]