Monday, January 9, 2012

මිෂන් ඩිනර්වෝක් - රෑට කාපු හැටි


අද පෝය. හන්දියේ කෑම කඩ ඔක්කොම වහල. චයිනීස් එක විතරයි ඇරලා තිබුනේ. දවල්ට කන්නේ මොනාද කියල කල්පනා කළා. ෆ්‍රයිඩ් රයිස් කාල කාල අප්පිරියයි. අදහසක් ආවා. ගෙනාවා ලයිට් මාරි එකක්. ටී එකකුත් හදාගෙන ඒක ඉවර කළා. ඉතුරුවෙලා තිබුණු ක්‍රීම් ක්‍රැකර් දෙකතුනකටත් වැඩේ දුන්න. දැන්නම් ටිකක් ශේප් වගේ. ඔහොම ඉන්නකොට තමයි ඇඳුම් ටිකක් ගන්න ඕනි කියල කල්පනා වුනේ. හවස් වෙලා කිරිබත්ගොඩ ගියොත් ඒ වැඩෙයි කෑම වැඩෙයි දෙකම ගොඩදාගන්න පුළුවන්.

ඔහොම හිතල හැන්දෑවේ පහමාරට විතර කිරිබත්ගොඩ ගියා. ඈතින් පේනවා "චානක බ්‍රාස්" කියල බෝඩ් එකක්. "යකෝ යට ඇඳුම් විකුනන්න වෙනම කඩ තියෙනවනේ. ලංකාව මාර විදිහට දියුණු වෙලානේ" මට හිතුනා. ළඟට යනකොට දැක්ක ඒක පිත්තල බඩු කඩයක් කියල. තිලකේ අංකල්ගේ කඩේ ඇතුළු කඩවල් තුන හතරකට ගොඩවැදිලා එලියට එනකොට අටයි වෙලාව. වහිනවා. පොද ගහනවා. අයෙමත් වහිනවා. බැලුව හෝටලයක් පේන්න තියෙනවද කියල. වෙලාවට තියෙනවා එකක් කිට්ටුවෙන්ම. ගියා බලන්න.

"රයිස් ඇන්ඩ් කරි නෑ. ෆ්‍රයිඩ්රයිස්,කොත්තු,නුඩ්ල්ස් තියෙනවා...." කැෂියා කිව්ව. එතනින් එළියට ඇවිත් වටපිට බලනකොට දැක්ක තව එකක්. පාර පැනල ගිහින් බැලුව. "බත් නෑ...." ගිය පිම්මෙන්ම ආපහු ආව. හෝල්ට් එකක් විතර ඇවිදන් යනකොට දැක්ක තව කඩයක්. ඒකත් චයිනීස් වගේ. කෝකටත් ගියා බලන්න. "තියෙනවා..." සුවර් නැති නිසා ආපහු ඇහුවා. "රයිස්....?" "ඔව් තියෙනවා..." යන්තම් ගොඩ ගියා.. කියල හිතුව විතරයි එහා පැත්තේ කස්ට ඇහුව " රයිස් ඇන්ඩ් කරි තියෙනවද ?" කියල. "නෑ. ෆ්‍රයිඩ් රයිස් විතරයි....."
"මේ මොන #$%^&*&^ක්ද? මූ රයිස් කිව්වේ ෆ්‍රයිඩ් රයිස් වලටද ?" හැරුනා. ආවා. දැකපු පලවෙනි බස් එකේ එල්ලුනා. 


ටිකක් දුර යනකොට මතක් උනා මම ඉන්න හන්දියට කලින් හන්දියේ කෑම කඩ තියෙන බව. එතනින් බැහැල බලනකොට පොඩි කඩයක් තියෙනවා. ගිහින් ඇන්ටිගෙන් ඇහුවා. "තියෙනවා. මොනාද ඕනි? මාළු,කුකුල්මස්,බිත්තර..?" "මට මාළු කෑම පාර්සලයක් දෙන්න." පුදුම සතුටක් දැනුනා. දඟලපු හැටි දන්නේ මං විතරනේ. ඒ එක්කම ඇතුලෙන් කියනව "කෑම ඉවරයි !!!" මං මේ කියන්නේ බොරුවක් නෙමෙයි විස්වාස කරන්ඩ. ඔය වචන දෙක තමයි ඇහුනේ. ඇන්ටි මෝඩ හිනාවක්‌ දැම්ම. "බිත්තර රයිස් එකක් දෙන්නද? 110යි." හිතේ තිබුණු ඒවා කියන්ඩ බැරි නිසා මාත් හිනාවෙලා කිව්ව "හා. දෙන්ඩ" කියල. බාසා ෆ්‍රයිඩ්රයිස් එක ගහනකන් මම ගොනා වගේ බලං හිටිය. ඒකට චිකන් දානවා දැක්ක. "චිකන් නෙමේ ඉල්ලුවේ..." "මේක ටේබල්. ඊළඟ එක මල්ලිට." "යකෝ %&*$% ^#%%%යේ... මං සල්ලිත් දුන්න." වෙන දවසක් උනා නම් ඌට දෙකක් ඇනල හැරිලා එනවා. සිරාවටම.

කොහොම හරි විනාඩි පහෙන් මං කෑම එකත් අරන් එලියට ආව. "තව හෝල්ට් එකයිනේ. පයින්ම යනවා." කියල හිතල ගාටන්න පටන්ගත්ත. පයින් යන්න මට පුදුම ඇම්මක් තියෙනවා. ඉස්සර නුගේගොඩ ඉඳං කිරුළපනට, කිරුලපන ඉඳං කොහුවලට, ආපහු නුගේගොඩට..... ඔය රවුම ගාටනවා. හෝල්ට් එක දෙක නෙමේ පහ හය පයින් යන දවසුත් තියෙනවා. "ඇඟට හොඳයිනේ !" හිත මට කියනව.කොහොම හරි අදත් ඔය මෝඩ වැඩේ කළා.පොද වැස්සේ, මඩ මැදින්, දාඩිය පෙරාගෙන... මං ඇවිල්ල ස්වාධීන මිනිහෙක්.

කොහොම හරි නවයයි කාලට බෝඩිමට ඇවිත් නාල කාල, ලැප් රාජයා ඔන් කරලා ෆිල්ම් එකක් බාන්න දාල මේක කොටන්ඩ පටන් ගත්ත. දැන් 12.20යි. හෙට කැම්පස්. මේ ඇති වගේ. මං ගියා ඕන්....

5 comments:

  1. ඔය කිරිබත්ගොඩ හංදියෙ තියෙනවා සෝයා කඩයක්. ඔක්කොම දේවල් හදලා තියෙන්නෙ සොයා වලින්. කඩේ බිත්ති පවා. ඒකනං මගේ හිතට ඇල්ලුවා.

    අනික පයින් ගමන- මමත් මතක ඇති කාලෙක බස් එකේ ගිහිල්ලා නෑ. එක්කෝ මගේ වාහනෙන් යනවා. නැත්තං සෙරෙප්පු දෙකේ ගැනලා යනවා. දුර කියන සාධකේ නං කොහොමත් අදාල වෙන්නැ. ඒක හරිම ස්වාධීනයි තමා ලකී කියන්නා වගේ.

    ReplyDelete
  2. ඇයි බං කිරිබත්ගොඩ 15 කඩේ....
    (අමිල ෆුඩ් සෙන්ටර්)

    ReplyDelete
  3. බුද්ධි: සෝයා කඩේ මං දැකල නැහැනේ. යන්ඩ ඕනි දවසක.
    අපට කොයින්ද වාහන ?

    බාස්උන්නැහේ: ඒකේ තමයි රයිස් ඇන්ඩ් කරි නැහැ කීවේ.

    ReplyDelete
  4. මොනවා උඔ දැකලා නෑ ඒක. මෙහෙ ඉඳගෙන යද්දි දකුනු අත පැත්තෙ තියෙන්නෙ. අල්ලපු වැටේ තියෙන්නෙ බැංකුවක්. නුවර බස් නවත්තන්නෙ හරියට උන්ගෙ දොරකොඩ.

    ReplyDelete
  5. මං දන්න සෝයා කඩේ නම් තියෙන්නේ මාකොල පාරේ. ඒක නම් ඔය කිව්වා තරම් හොඳ නැහැ.

    ReplyDelete