Tuesday, October 16, 2012

ඊසෙට් ප්‍රතිවයිරස් මෘදුකාංගය....


මීට මාස කිහිපයකට කලින් මම ඊසෙට් ඇන්ටිවයිරස් එකට මාරු උනා. ඇවාස්ට් වල තිබුණු යම්යම් අඩුපාඩු හා එහි ඇති ක්ලවුඩ් ආකාරයේ අතුරුමුහුණත එපාවීම නිසා තමයි මේ තීරණය ගත්තේ. ඇත්තටම එය ඉතාම හොඳ තීරණයක් බව මට වැටහුනේ ඊසෙට් වල ඇති විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා. ඇවාස්ට් වලට වඩා ප්‍රබල මෘදුකාංගයක් උනාට පරිගනකයේ වේගයට කිසිම බාධාවක් නැතිව එය ක්‍රියා කරනවා. ඩේටාබේස් අප්ඩේට් වීමත් හරිම වේගවත්. ඊසෙට් ස්මාර්ට් සිකියුරිටි කියන්නේ අංගසම්පුර්ණ පැකේජයක්. එය උසස් මට්ටමේ ෆයර්වෝල් එකකින්ද සමන්විතයි.


ගොඩක් දෙනා ඊසෙට් භාවිතා නොකරන්න හේතුව ලෙස මම දකින්නේ අප්ඩේට් වීමේදී යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලන එක. නමුත් ඒ සඳහා පොඩි ක්‍රැක් එකක් නිකුත් වෙලා තියෙනවා. එය එකවරක් ක්‍රියාත්මක කර අමතක කර දැමියහැකියි. මේ ක්‍රැක් එකත් මම පරීක්ෂා කළා. එහි කිසිම මැල්වෙයා කෝඩ් එකක් අඩංගු නැහැ. FileMon හා RegMon මෘදුකාංග මගින් පරීක්ෂා කලොත් ඔබට පෙනේවි එයින් සිදුකරන්නේ හොස්ට් ෆයිල් එක මදක් වෙනස්කොට ඊසෙට් වල ලයිසන්ස් කී එක පරීක්ෂා කරන කොටස පමණක් ඉවත් කිරීම බව.

ඔබට අවශ්‍යනම් ඊසෙට් නවතම සංස්කරණයක් මෙතනින් බාගත හැකියි.
ක්‍රැක් එක ලබාගන්න මෙතනින්.

පළමුව ඊසෙට් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න.
ඉන්පසු Windows Safemode හරහා ගොස් ක්‍රැක් එක ක්‍රියාත්මක කරන්න.
දැන් එයින් ඉවත්වී පරිගණකය Restart කරන්න.
Windows Tray එකේ ඊසෙට් අයිකනය මත රයිට් ක්ලික් කර Advanced Setup වෙත යන්න.
එහි Update - > Setup වෙත ගොස් Never Update Program Components තෝරා OK කරන්න.
දැන් ඊසෙට් මෘදුකාංගය අප්ඩේට් කරන්න. පළමු අප්ඩේට් වීමට පමණක් මද වෙලාවක් ගතවනු ඇත.



මේ ක්‍රියාවලියෙන් පසු කිසිමවිටෙකත් ඔබෙන්  යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලන එකක් නැහැ. අප්ඩේට් වීමත් ඉක්මනින් සිදුවේවි.

යම්කිසි දිනෙක ඔබට අලුත් වර්ෂන් එකක් කරා යාමට අවශ්‍යනම් පළමුව Safemode වෙත ගොස් ක්‍රැක් එක Disable කරන්න අමතක කරන්න එපා.

1 comment:

  1. ස්තුතියි අපිව දැනුවත් කරාට

    ReplyDelete