Sunday, October 21, 2012

බ්රේකින්ග් බෑඩ් [ටීවී සීරීස්]

නිවාඩු කාලේ බලපු ටීවී සීරීස් තොගය නම් වශයෙන් කියන්නත් බැරි තරම්. 24, Alias, Nikita, Arrested Development, Breaking Bad, BigBang Theory, Family Guy, FullMetal Panic!, Lost, Mentalist, Merlin, Spartacus මේවයෙන් කීපයක්. ඔය අස්සේ හැමදාම බලන VampireDiaries, Supernatural, HowIMetYourMother, Fringe වගේ ඒවත් බලන්න එපැයි. ස්ට්‍රයික් එක ඉවර උන නිසා දැන් මේවට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.....


ලංකාවේ කට්ටිය අතර එච්චරම ප්‍රසිද්ධ නැති ටීවී සීරීස් එකක් තමයි Breaking Bad කියන්නෙ. ඔන්න බලල නැති අයට දැනගන්න කියල ඒ  ගැන විස්තරයක් දානව.



වෝල්ටර් වයිට් කියන්නෙ රසායන විද්‍යා ගුරුවරයෙක්. ගොඩක් ආර්ථික ප්‍රශ්න මැද ජීවත් වෙන මොහුට කරදර අස්සේ ජරමර වගේ පෙනහළු පිළිකාවක් වැලඳෙනවා. තමන්ගේ එකම පුතාත් ආබාධිතයෙක් නිසා මරණයට පෙර ඔහුගේ පවුල වෙනුවෙන් යමක් කරන්න වෝල්ටර් මහන්සි ගන්නවා. ඒත් පිළිකාව වේගයෙන් පැතිරෙනවා. මේ අතරේ තමයි වොල්ටර්ගේ ශිෂ්‍යයෙක් වන ජෙසී පින්ක්මන් ඔහුට සම්බන්ධ වෙන්නෙ. ජෙසී කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු තරුණයෙක්.

මුදල් උපයන්න පහසු ක්‍රමයක් වෝල්ටර් හොයාගන්නවා. ඒ තමයි "ක්‍රිස්ටල් මෙත්" (අපි එක්ස්ටසි කියන්නෙ) නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය.
ජෙසීගේ සහය ඇතුව ගැනුම්කරුවෙක් හොයාගන්න ඔහු සමත් වෙනවා. රසායන විද්‍යා දැනුම නිසා ඔහුට හැකිවෙනවා ඉතාම පිරිසිදු තත්වයේ ක්‍රිස්ටල් මෙත් හදන්න. මේ නිසා ඔහුගේ නිෂ්පාදනය ඉහල මිලක් යටතේ අලෙවි වෙනවා. 

මේ සුවිශේෂ නිෂ්පාදනය නිසා ඔහුට සතුරන් රාශියක් ඇතිවෙනවා. හැමෝම උත්සාහ කරන්නේ ඔහුගේ වට්ටෝරුව ඉගෙනගන්න. නමුත් අවුරුදු ගානක පළපුරුද්ද ඇතිව වැඩකරන ඔහු සාර්ථකව ඒවාට මුහුණ දෙනවා.මුළු කතාව පුරාවටම ජෙසී හා ඔහුගේ සම්බන්ධතාවට මුල්තැනක් දීල තියෙනව. මත්ද්‍රව්‍යනාශක අංශයේ වැඩකරන තමුන්ගේ මස්සිනා පවා නොමග යවමින් වෝල්ටර් ගෙනයන ව්‍යාපාරය සාර්ථක වෙන අතරතුරේ ඔහු රසායන විද්‍යාව ඉගැන්වීම නවත්වන්නෙත් නැහැ. 

මේ කතාව පටන් ගන්නෙ මේ වගේ බැරෑරුම් විදිහට නෙමෙයි. RV (කැරවෑන්) එකක් ඇතුලේ පටන් ගන්න ඔහුගේ රසායනාගාරය විනාශ වෙන ආකාරය තමයි මුලින්ම පෙන්නන්නේ. මම හිතුවේ මේක Comedy සීරීස් එකක් කියල. නමුත් මම මෙතෙක් බලපු තාත්විකම කතා මාලාව බවට Breaking Bad පත්වුනා. IMDB එකේ 9.4ක ශ්‍රේණිගතකිරීමක් ලැබිල තියෙන මේ කතාමාලාව කොටස් (Season) 5කින් සමන්විතයි. බලන්න කැමති අයට කියන්න තියෙන්නෙ මේ වගේ වෙනත් කතාවක් නම් ඔබ කවදාවත් බලල නැතුව ඇති කියලයි.

IMDB විස්තරය මෙතනින් බලන්න


සීසන් 5ම 9.77GB ටොරන්ට් එක මෙතනින්.....

0 comments:

Facebook Blogger Plugin

Post a Comment