Showing posts with label witcher. Show all posts
Showing posts with label witcher. Show all posts

Wednesday, January 16, 2013

Witcher 2 : පරිගණක ක්‍රීඩාව

රෝල් ප්ලේයින් ගේම්ස් වලට කැමති අයට ගැලපෙන විශිෂ්ට මට්ටමේ පරිගණක ක්‍රීඩාවක් තමයි The Witcher 2: Assassins of Kings කියන්නේ. එය මේ වර්ගයේ ක්‍රීඩා අතරින් Skyrim ක්‍රීඩාවට පමණක් දෙවැනි වෙන ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. 
Witcher හෙවත් Geralt of Rivia හට මුහුණදීමට සිදුවන අභියෝග ජයගැනීම තමයි ක්‍රීඩකයාට පැවරෙන්නේ. සිත් ඇදගන්නා කතාවකින් හා අති නවීන ග්‍රැෆික් නිර්මාණයන්ගෙන් සමන්විත ක්‍රීඩාවක් කිව්වොත් නිවැරදියි. මෙහි ගොඩනගා ඇති වටපිටාව පුළුල් පරාසයකට විහිදෙන අතර ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් පරිගණකයක් අනිවාර්ය වෙනවා. සටන් විලාසයන් හා අවි ආයුධ භාවිතය බෙහෙවින් සැලකිල්ලට ගෙන සිදුකල නිර්මාණයක්.