Tuesday, October 16, 2012

ඊසෙට් ප්‍රතිවයිරස් මෘදුකාංගය....


මීට මාස කිහිපයකට කලින් මම ඊසෙට් ඇන්ටිවයිරස් එකට මාරු උනා. ඇවාස්ට් වල තිබුණු යම්යම් අඩුපාඩු හා එහි ඇති ක්ලවුඩ් ආකාරයේ අතුරුමුහුණත එපාවීම නිසා තමයි මේ තීරණය ගත්තේ. ඇත්තටම එය ඉතාම හොඳ තීරණයක් බව මට වැටහුනේ ඊසෙට් වල ඇති විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා. ඇවාස්ට් වලට වඩා ප්‍රබල මෘදුකාංගයක් උනාට පරිගනකයේ වේගයට කිසිම බාධාවක් නැතිව එය ක්‍රියා කරනවා. ඩේටාබේස් අප්ඩේට් වීමත් හරිම වේගවත්. ඊසෙට් ස්මාර්ට් සිකියුරිටි කියන්නේ අංගසම්පුර්ණ පැකේජයක්. එය උසස් මට්ටමේ ෆයර්වෝල් එකකින්ද සමන්විතයි.

Monday, October 15, 2012

මිස්ටර් පර්ෆෙක්ට් ගෙන් ලස්සන වෙන්න උපදෙස්......



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ෆොටෝෂොප් මහත්මයා ගැන දන්නවනේ. ලස්සන වෙන්න කැමති කොල්ලො කෙල්ලො සේරම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මෙයාගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ අතරට අලුතින්ම එකතුවෙන කෙනා තමයි මිස්ටර් පර්ෆෙක්ට් කියන්නේ. මෙයාට පුළුවන් මේකප් නැතිවම ඔයාව ලස්සන කරලා දෙන්න. උනන්දුවක් ඇතිඋනානම් දිගටම කියවන්න.

Friday, October 5, 2012

ebay ගනුදෙනු


මේ වෙනකොට ebay ගැන දන්නෙ නැති පිරිසක් ඉන්නවා කියල හිතන්න අමාරුයි. එතරම් ජනප්‍රිය භාණ්ඩ අලෙවි සේවාවක් වෙන නැහැ. නමුත් තවමත් ebay ගනුදෙනු පිලිබඳ චකිතයකින් පසුවන පිරිස් ඉන්න නිසාම මේ ලිපිය ලියනවා.

මම ebay ගිණුමක් හැදුවේ මීට වසර ගානකට කලින්. නමුත් ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් ඒ හරහා ගනුදෙනු කරන්න ගත්තේ මාස 10කට කලින්. මේ සඳහා මං භාවිතා කරන්නේ paypal ගිණුම සහ people's bank credit card එක.

paypal ගැනනම් බොහෝ ලිපි මං දැකල තියෙනව. ගිණුමක් අරඹන එක හරිම පහසුයි. නමුත් credit card ගැනනම් කියන්න වෙන්නෙ වෙනස් දෙයක්. paypal ගිණුම ක්‍රියාත්මක කරන්න අපට භාවිතා කරන්න පුළුවන් sampath web card එක. ගොඩක් දෙනා ඒක පාවිච්චි කරන්නේ ආරක්ෂාවට. visa සලකුණ ඇති වෙනත් ඕනෑම credit හෝ debit කාඩ්පතක් භාවිත කරන්නත් පුළුවන්. සෑම කාඩ්පතක්ම පළමු paypal ගනුදෙනුව සිදුකිරීමට පෙර verify කරගන්න ඕනා. මේ සඳහා උපරිම දින 30ක් ගතවෙනවා. paypal මගින් නිකුත් කරන රහස් අංකයක් credit card statement (මාසික බිල්පත) එකේ සටහන් වෙලා තියෙනව. මේ අංකය මගින් තමයි paypal ගිණුම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය පරිදි ගනුදෙනු කරන්න පුළුවනි. debit කාඩ් එකක් නම් පළමුව card centre එකට දුරකථන ඇමතුමක් දී අන්තර්ජාල ගනුදෙනු සඳහා කාඩ්පත active කරගන්න ඕනා. ඒ සඳහා උපරිම දින 3ක් පමණ ගතවෙනවා. බොහෝ credit කාඩ් වලදී මේ පියවර අදාළ වෙන්නෙ නෑ. ඔබට credit card එකක් ලබාගැනීමට අවශ්‍ය වුවත් තවමත් ශිෂ්‍යයෙක් නම් බැංකු ගිණුමේ යම් මුදලක් hold කර කාඩ්පත ලබාගත හැකියි. සාර්ථකව verify කරගත් paypal ගිණුමක් ඇත්නම් ඔබට ගනුදෙනු අරඹන්න පුළුවන්.

ebay මගින් භාණ්ඩයක් ගන්නාවිට සැලකිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. වැදගත්ම එක තමයි delivery method එක. Worldwide යනුවෙන් සඳහන්නම් පමණයි ලංකාවට එම භාණ්ඩය ගෙන්වාගන්න පුළුවන්. free shipping නම් ගැටළුවක් නැහැ. නමුත් අනෙක් delivery methods වලදී භාණ්ඩයේ මිලට ප්‍රවාහන ගාස්තුව එකතු වෙනවා. ඒ ගැන සැලකිලිමත් නොවුනොත් ලාබෙට බඩුගන්න හිතන්නවත් එපා. මීට අමතරව විකුණුම් කරුගේ seller's score එක මගින් අව්‍යාජ වෙළෙඳුන් හඳුනාගන්න පුළුවනි. buy now හා auction අතර වෙනස ඔබට සිතාගන්න පුළුවනි. බොහෝ auction වලට bid කරද්දී අන්තිම මොහොතේ පමණක් bid කිරීමෙන් සුළු ලාභයක් ලබන්නත්  හැකියි.

මිල ගැන කියනවා නම් ලංකාවේ මිලට වැඩිය අඩුවෙන් ගෙවා බොහෝ භාණ්ඩ ගෙන්විය හැකියි. පොඩි පොඩි භාණ්ඩ සඳහා වඩා සුදුසු china,hongkong,malaysia වල වෙළෙඳුන් වන අතර mobile phones හෝ මිල වැඩි gadget සඳහා යුරෝපීය වෙළෙඳුන් තෝරාගන්න. භාණ්ඩය නිවසට ලැබීමට දින 7 සිට  සති 3ක් පමණ ගතවිය හැකියි.
නොලැබුනොත් මුදල් ආපසු ගෙවන ප්‍රතිශතයද වැඩියි. ඒ නිසා භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එහි විස්තරය හොඳින් කියවා අවබෝධ කරගන්න.

මා ගෙන්වාගත් භාණ්ඩ කීපයක්.....

Sunday, June 3, 2012

කවුද කැමති POP අහන්න .....?


අනූව දශකයේ හොඳම පොප්/ඩාන්ස් ට්රැක් ටිකක් අහමුද ?

මෙතන කොටන්න

Monday, March 26, 2012

සිහිනය - වාසනාව

අද කාලේ කොල්ලෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව  කෙල්ලෙක්වත්, සල්ලිවත් නෙවෙයි. එහෙනම් මොකක්ද  දන්නවද ? හොඳ වයිෆයි නෙට්වර්ක් එකක් අහු වේවා කියන එක. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු නොවී ඉන්ටනෙට් යන්නනම් මෙහෙම එකක් නැතුව බැහැ. ඉතින් මේ කොල්ලත් ඔය අරමුණ හිතේ තියන් කොළඹ වටේ රවුම් ගැහුවට මෙච්චර කාලෙකට හරිගියේ නැහැ නොවැ. අන්තිමේදි දෙන දෙය්යෝ බෝඩිමටම ගෙනත් දෙනවා කියන්නා වගේ හම්බුනා....ලඟපාත කඩේක 8Mbit Unsecured ADSL ලයින් එකක්. එදායින් පස්සේ මගේ ලැප් එකට බරටම වැඩ. බලපු නැති ටීවී සීරීස්, ගහපු නැති ගේම්ස්, අරවද මේවද කිව් එකේ පිරිලා... හිටු කියල බානවා. මෙන්න මෙහෙමයි වේගේ....


කඩේ එකා මාව හොයන් ආවේ නැත්නම් කොල්ල අනිවාර්යෙන්ම ගිගා 300ක් බානව මේ මාසෙට....
ඉතින් ඔය ඇත්තොත් නිකම් ඉන්න වෙලාවට පොඩි සෝදිසියක් දාල බලන්න. මට වගේ පිනා චාන්ස් එකක් හම්බුවෙන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි ගියාවේ.... ජය !

Monday, March 19, 2012

ෂර්ලොක් ( BBC MiniSeries -2010 )


BBC නාලිකාව ඉදිරිපත් කරපු 21වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව බොහෝ දෙනෙක් බලල ඇති. නැතිනම් අද බලන්න පුළුවනි.  මෙහි විශේෂත්වය තමයි පැරණි කතාවල සිදුවීම් හා චරිත ඉතාම සිත්ගන්න අන්දමකට වර්තමානය තුල නිරූපණය කිරීම. වෙනදට වඩා ක්‍රියාශීලී දොස්තර වොට්සන් පොත් ලිවීම වෙනුවට කරන්නේ බ්ලොග් ලියන එක. මොරියාටි කියන්නේ සයිබර් අපරාධ වලටත් හවුල් පුද්ගලයෙක්. හෝම්ස් නම් කිසිම වෙනසක් නැහැ. සුපුරුදු ගතිගුණමයි තියෙන්නේ. මේකෙදි මයික්රෝෆ්ට් හෝම්ස් වැඩි දායකත්වයක් සපයනවා.

මේ කතාමාලාව කොච්චර ජනප්‍රිය උනාද කියනව නම් එක රැයක් තුල මිලියන 7ක් ප්‍රේක්ෂකයන් නැරඹුවා. imdb වල 9.1ක රේටින්ග්ස් ලබාගෙන තියෙනවා. දැනට කතා 6ක් නිකුත් වෙලා තියෙනවා. එකක ධාවන කාලය මිනිත්තු 90ක්. 

ඉතාම හොඳ මට්ටමේ කුඩා කොපියක් මට හම්බ උනා. 2GB ටොරන්ට් ෆයිල් එකක්. බාගෙනම බලන්නකෝ කොහොමද කියල. මෙන්න ලින්ක් එක.

Tuesday, March 6, 2012

ගේම් පිස්සුව හා ඇඩ්-හොක් පිහිට

මීට මාසෙකට විතර කලින් ආපු අදහසක් තමයි හොස්ටල් එකේ ගේම් සර්වර් එකක් හදන එක. එත් ඕනි කරන බඩු භාණ්ඩ නැතිකොට මොනව කරන්නද? ටිකක් කල්පනා කරල බලනකොටයි මතක් උනේ දැන් එන හැම ලැප්ටොප් එකේම වයිෆයි තියෙන විත්තිය. එත් වයිෆයි රවුටරයක්  නැතුව නෙට්වර්ක් එකක් හදන හැටි ගැන අදහසක් ගන්න බැරි උනා. බොක්කෙන්ම හොයනකොට දැක්ක ඇඩ්-හොක් කනෙක්ෂන් ගැන. ඇඩ්-හොක්  කියන්නේ වින්ඩෝස් විස්ටා වලට මුලින්ම ආපු තාවකාලික නෙට්වර්කින්ග් ක්‍රමයක්. ඕනි දෙයක් වෙච්චාවේ කියල හදල බැලුව මේ සයිට් එකේ තියෙන විදිහට. එළකිරි වගේ වැඩ !! 


දැන් ඉතින් අපේ උන්ගෙ වැඩේ පාඩම් පැත්තකින් තියල හතර හතර සෙට්වෙලා මොස්ට්‌ වෝන්ටඩ් ගහන එකයි පහළොවක් විතර වටවෙලා කෝල් ඔෆ් ඩියුටි එකේ මරාගන්න එකයි.... 
ඇඩ්-හොක් එකකින් උපරිම 54Mbps වේගයක් හම්බ වෙනවා. මැෂින් 10ක් කනෙක්ට් කරගන්න ඒ හොඳටම ඇති.