Sunday, June 3, 2012

කවුද කැමති POP අහන්න .....?


අනූව දශකයේ හොඳම පොප්/ඩාන්ස් ට්රැක් ටිකක් අහමුද ?

මෙතන කොටන්න

Monday, March 26, 2012

සිහිනය - වාසනාව

අද කාලේ කොල්ලෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව  කෙල්ලෙක්වත්, සල්ලිවත් නෙවෙයි. එහෙනම් මොකක්ද  දන්නවද ? හොඳ වයිෆයි නෙට්වර්ක් එකක් අහු වේවා කියන එක. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු නොවී ඉන්ටනෙට් යන්නනම් මෙහෙම එකක් නැතුව බැහැ. ඉතින් මේ කොල්ලත් ඔය අරමුණ හිතේ තියන් කොළඹ වටේ රවුම් ගැහුවට මෙච්චර කාලෙකට හරිගියේ නැහැ නොවැ. අන්තිමේදි දෙන දෙය්යෝ බෝඩිමටම ගෙනත් දෙනවා කියන්නා වගේ හම්බුනා....ලඟපාත කඩේක 8Mbit Unsecured ADSL ලයින් එකක්. එදායින් පස්සේ මගේ ලැප් එකට බරටම වැඩ. බලපු නැති ටීවී සීරීස්, ගහපු නැති ගේම්ස්, අරවද මේවද කිව් එකේ පිරිලා... හිටු කියල බානවා. මෙන්න මෙහෙමයි වේගේ....


කඩේ එකා මාව හොයන් ආවේ නැත්නම් කොල්ල අනිවාර්යෙන්ම ගිගා 300ක් බානව මේ මාසෙට....
ඉතින් ඔය ඇත්තොත් නිකම් ඉන්න වෙලාවට පොඩි සෝදිසියක් දාල බලන්න. මට වගේ පිනා චාන්ස් එකක් හම්බුවෙන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි ගියාවේ.... ජය !

Monday, March 19, 2012

ෂර්ලොක් ( BBC MiniSeries -2010 )


BBC නාලිකාව ඉදිරිපත් කරපු 21වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව බොහෝ දෙනෙක් බලල ඇති. නැතිනම් අද බලන්න පුළුවනි.  මෙහි විශේෂත්වය තමයි පැරණි කතාවල සිදුවීම් හා චරිත ඉතාම සිත්ගන්න අන්දමකට වර්තමානය තුල නිරූපණය කිරීම. වෙනදට වඩා ක්‍රියාශීලී දොස්තර වොට්සන් පොත් ලිවීම වෙනුවට කරන්නේ බ්ලොග් ලියන එක. මොරියාටි කියන්නේ සයිබර් අපරාධ වලටත් හවුල් පුද්ගලයෙක්. හෝම්ස් නම් කිසිම වෙනසක් නැහැ. සුපුරුදු ගතිගුණමයි තියෙන්නේ. මේකෙදි මයික්රෝෆ්ට් හෝම්ස් වැඩි දායකත්වයක් සපයනවා.

මේ කතාමාලාව කොච්චර ජනප්‍රිය උනාද කියනව නම් එක රැයක් තුල මිලියන 7ක් ප්‍රේක්ෂකයන් නැරඹුවා. imdb වල 9.1ක රේටින්ග්ස් ලබාගෙන තියෙනවා. දැනට කතා 6ක් නිකුත් වෙලා තියෙනවා. එකක ධාවන කාලය මිනිත්තු 90ක්. 

ඉතාම හොඳ මට්ටමේ කුඩා කොපියක් මට හම්බ උනා. 2GB ටොරන්ට් ෆයිල් එකක්. බාගෙනම බලන්නකෝ කොහොමද කියල. මෙන්න ලින්ක් එක.

Tuesday, March 6, 2012

ගේම් පිස්සුව හා ඇඩ්-හොක් පිහිට

මීට මාසෙකට විතර කලින් ආපු අදහසක් තමයි හොස්ටල් එකේ ගේම් සර්වර් එකක් හදන එක. එත් ඕනි කරන බඩු භාණ්ඩ නැතිකොට මොනව කරන්නද? ටිකක් කල්පනා කරල බලනකොටයි මතක් උනේ දැන් එන හැම ලැප්ටොප් එකේම වයිෆයි තියෙන විත්තිය. එත් වයිෆයි රවුටරයක්  නැතුව නෙට්වර්ක් එකක් හදන හැටි ගැන අදහසක් ගන්න බැරි උනා. බොක්කෙන්ම හොයනකොට දැක්ක ඇඩ්-හොක් කනෙක්ෂන් ගැන. ඇඩ්-හොක්  කියන්නේ වින්ඩෝස් විස්ටා වලට මුලින්ම ආපු තාවකාලික නෙට්වර්කින්ග් ක්‍රමයක්. ඕනි දෙයක් වෙච්චාවේ කියල හදල බැලුව මේ සයිට් එකේ තියෙන විදිහට. එළකිරි වගේ වැඩ !! 


දැන් ඉතින් අපේ උන්ගෙ වැඩේ පාඩම් පැත්තකින් තියල හතර හතර සෙට්වෙලා මොස්ට්‌ වෝන්ටඩ් ගහන එකයි පහළොවක් විතර වටවෙලා කෝල් ඔෆ් ඩියුටි එකේ මරාගන්න එකයි.... 
ඇඩ්-හොක් එකකින් උපරිම 54Mbps වේගයක් හම්බ වෙනවා. මැෂින් 10ක් කනෙක්ට් කරගන්න ඒ හොඳටම ඇති.

Monday, February 20, 2012

ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නොමිලේ !!! [ක්‍රැක් නැතුව]



ඇවාස්ට් කියන්නේ පරිගණකයේ වේගයට අඩුම බලපෑමක් කරමින් ඉහලම ආරක්ෂාවක් සපයන වයිරස් ගාඩ් එකක්. මේකේ නොමිලේ දෙන සංස්කරණය ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරනවා. එත් ෆයර්වෝල් එක අඩංගු නොවීම නිසා ආරක්ෂාව පිලිබඳ පොඩි ගැටළුවක් මතු වෙනවා. එයට විකල්පයක් ලෙස භාවිතා වන ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටිහි මිල  $49.99 ක් වෙනවා. නමුත් පොඩි ජිල්මාට් එකක් දාල නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවනි.

මෙහෙම කරමු.
1.ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි නැතිනම් මෙතනින් බාගන්න
2.කී ෆයිල් එක මෙතනින් බාගන්න
3.ඉන්ස්ටෝල් කරගෙන කී ෆයිල් එක ලබාදෙන්න
4.ඇවාස්ට් තුල FIREWALL එකේ "Application Rules" වෙත යන්න
5.රයිට් ක්ලික් කර "New Group" එකක් හදන්න. එතුල "New application rule" එකක් දෙන්න
6.දැන් C:\Program Files\AVAST Software\Avast\AvastUI.exe එක තෝරන්න
7.එයට "Block all connections" දෙන්න


වැඩ අවසන්. දැන් ඔබට ඇවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුළුවනි. මෙහිදී වයිරස් ගාඩ් එකේ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නෑ. ඕනිම වර්ෂන් එකකට අප්ඩේට් අප්ග්‍රේඩ් කරන්න පුළුවනි. කී ෆයිල් එක ඉවර වෙනකන් පාවිච්චි කරන්න පුළුවනි. ක්‍රැක් වලට අකමැති අයටත්, සැරින්සැරේට කී ෆයිල් මාරු කරන්න අකමැති අයටත් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි.


Tuesday, January 31, 2012

නිවසේ/බෝඩිමේ සිටම පහසුවෙන් බිත්තරයක් බැදගන්නා අන්දම...


අද මම කියල දෙන්නේ බිත්තර බුල්ස්අයි කරන්න පහසු ක්‍රමයක්. කුස්සියක් නොමැති වටපිටාවකට හෝ කෑම්පින් ගිය විටෙක කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :– 
බිත්තරයක්, තෙල් සුවල්පයක්, ඇලුමිනියම් පිඟානක්, නොකියා හෝ සෝනි එරික්සන් ෆෝන් එකක්, 3G පහසුකම, අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස්.

සාදන ක්‍රමය:-
පළමුවෙන් ෆෝන් එක චාජරයට ගසන්න. ඉන්පසු 3G වලින් ෆිල්ම් එකක් වැනි දෙයක් ඩවුන්ලෝඩ් වීමට දමන්න. ඒ මත ඇලුමිනියම් පිඟාන තබා විනාඩි පහක් සිටින්න. තෙල් ස්වල්පයක් වක්කර ප්‍රවේසමෙන් කඩාගත් බිත්තරය එය මතට දමන්න. ලාවට බැදෙනවිට ලුණු හා ගම්මිරිස් එක්කරන්න. කර වීමට පෙර බාගෙන උණු උණුවේ රස විඳින්න.


සැ.යු.: මේ මගින් බිත්තර විතරක් නෙමේ අල කරියක්, චිකන් කරියක් උනත්  රත්කර ගතහැකිය. ෆෝන් එකේ වයිෆයි තිබේ නම් තේකක් උනත් හදාගෙන බිව්වහැකි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

ඔන්න කිල්බිල් !

ලියන්න තරම් දෙයක් සිද්ද වෙන්නේ නැහැනේ මේ දවස්වල. ඒක හින්දා තව ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුන. මේක මගේ බලපු නැති ෆිල්ම් ගොඩේ මාස තුනක් විතර පල් වෙලා පල් වෙලා ඊයේ තමයි එලියට ආවේ. බැලුවට පස්සේ නිකන් මොකක්ද වගේ. නරක නැති හින්දද කොහෙද IMDB එකේ 8.2ක් රේටින්ග් අරන් තියෙනවා. මේක පරණ ඇක්ෂන් ෆිල්ම් එකක්. නමේ හැටියටම කිල්බිල් - බිල්ව හොයනවා මරන්න. ටිකක් විතර චාලීස් එන්ජල්ස් වගේ. කතාව කොටස් දෙකකට යන්නේ. ඒ අතරේ එපිසෝඩ් වලට බෙදල තියෙනවා. කොහොම උනත් හැමදාම බලන ඒවාට වැඩිය වෙනස් කතාවක්. 


The lead character, called 'The Bride,' was a member of the Deadly Viper Assassination Squad, lead by her lover 'Bill.' Upon realizing she was pregnant with Bill's child, 'The Bride' decided to escape her life as a killer. She fled to Texas, met a young man, and on the day of their wedding rehearsal was gunned down by an angry and jealous Bill (with the assistance of the Deadly Viper Assassination Squad). Four years later, 'The Bride' wakes from a coma, and discovers her baby is gone. She, then, decides to seek revenge upon the five people who destroyed her life and killed her baby. The saga of Kill Bill Volume I begins.

ඔන්න ඔහොම තමා IMDB එකේ විස්තරේ.  ඉතින් ඩවුන්ලෝඩ් කලාට පාඩුවක් නම් වෙන එකක් නෑ මයෙ හිතේ.