
ලෝකයේ ඉතාම ජනප්‍රිය Combat Simulator ක්‍රීඩාවක් වන Arma : Armed Assault හි ප්‍රථම අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් වී ඇත. මෙම ක්‍රීඩා මාලාවේ තුන්වන අදියර වන මෙය ලොව පුරා මිලියන ගණනක් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගැනීමට සමත්විය. තාත්වික බවට ආසන්න නිසාම Arma ක්‍රීඩාව බොහෝ රටවල යුධ උපදේශකයන් හා පුහුණුකරුවන් විසින් යොදාගන්නා බැව් සඳහන්ය.Bohemia Interactive සමාගමේ නිපැයුමක් වන මෙම ක්‍රීඩාව 2013 තුන්වන කාර්තුවේ නිකුත් වීමට නියමිතය.









